බැංකුවකට කඩා පැන්න මුවා (වීඩියෝ)

0
6

වසා තිබුණු බැංකුවක් තුළට මුවෙකු කඩා පැනීම හේතුවෙන් සිදුවූ කලබලයක් පිළිබඳව අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරින් තොරතුරු වාර්තා වේ.

මුවාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබුණි.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බැංකුවකට මුවෙකු ඇතුළු වී තිබුණේ පසුගිය බැංකු නිවාඩු දිනයකදීය.

එම ගොඩනැගිල්ලේ බිම් මහලේ ජනේලයක් ඔස්සේ ඊට ඇතුළු වූ එම සත්ත්වයා ඒ තුළ සිරවී සිටි බව වාර්තා වේ.

බැංකු ගොඩනැගිල්ල තුළ සත්ත්වයා කලබලයෙන් හැසිරෙන අයුරු කැමරාවල මෙලෙස සටහන් වී තිබුණි.
වසා ඇති ගොඩනැගිල්ල තුළ ආගන්තුක හැසීරීමක් හඳුනාගැනීමත් සමඟ එම ස්ථානයේ ඇති හදිසි සංඥා නාදවී තිබුණි

ඒ් හේතුවෙන් පසුව එම ස්ථානයට පොලීසියද පැමිණ තිබුණි.

එහිදී පොලීසිය අදාළ සත්ත්වයා නිරීක්ෂණය කිරීමෙන් පසුව සත්ත්වයා එම ස්ථානයෙන් පිටතට ගෙන නිදහස් කිරීමට කටයුතු කර තිබුණි.

ඒ් සඳහා ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව වාර්තා වුණි.

▶️

 වීඩියෝ – No Comment TV

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here