බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

0
9

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

අද (20) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ගල් අඟුරු ගැටලුව ගැන ප්‍රශ්න කරමින් විපක්ෂ නායකයා මේ බව අවධාරණය කරන ලදී.

විදුලි නිෂ්පාදනයේ අතිශය වැදගත් බලාගාරයක් වන නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුර සපයන ටෙන්ඩර් ක්‍රියාවලියේ අසාර්ථකත්වය සහ විනිවිදභාවයෙන් තොර තීරණ ගැනීම ගැන මහජන අවධානය යොමුව ඇති අතර ගල් අඟුරු සදහා ප්‍රශ්නගත ටෙන්ඩරය කැදවු ආකාරයත් මෙගාවෝට් 900ක බලාගාරයකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2500ක් සහ වාර්ෂිකව මිලියන 1.5ක් යොදයන බවත් මැයි මාසයේ වාරකන් නිසා ගොඩබැම අපහසු නිසා අප්‍රේල් මාසයේ ඇණවුම් කළත් ⁣රජය මේ වැඩපිළිවෙළින් බැහැර වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ටෙන්ඩරයක් දින 42ක් ක්‍රියාත්මක විය යුතු වුවත් මේ සදහා ලබා දී ඇති කාලය දින 21 දක්වා අඩු කර ඇති බවත් එයට අනුමැතිය දුන් වාර්තා සභාගත කරන ලෙසත් මීට පෙර සහ මෙවර ගල් අඟුරු ටෙන්ඩර් සදහා පැවැති තාක්ෂණික උපදෙස් සහ කොන්දේසි ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙම ටෙන්ඩරය සදහා ඉදිරිපත් වු ලන්සු සංඛ්‍යාවත් රජය තෝරාගත් සැපයුම්කරුවන්ට මෙවැනි බලාගාරවලට අත්දැකීම් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් රටේ මූලික විදුලි නිෂ්පාදන වගකීම නුසුදුසු සමාගමකට දුන්නේ නම් එහි වගකීම ඉදිරිපත් කරන ලෙසත් හෙතෙම කියා සිටියේය.

මේ ටෙන්ඩරයට අනුව ගල්අගුරුවල ශුද්ධ NCP අගය 5900ක් විය යුතු බැවින් එම අගයට මේ ටෙන්ඩරය නොගැලපෙන බවට වාර්තා ලැබී ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද ඔහු කියාසිටියේය.

පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර මේවා බොයිලේරුවලට ඇතුළත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත් ඒ සදහා බලපැ නීති සහ අනුමැතිය දුන් අයත් මේ ගල්අඟුරු සාම්පල් ඉන්දියාවට යවා පරීක්ෂා කරා නම් ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here