බාල ගල් අඟුරු ගැන විමර්ශන නැති සිද්ධියට ජනපති ගැනත් සැකයි – චම්පික

0
2

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නොරොච්චෝල් බලාගාරයට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ජනාධිපතිවරයා මැදිහත් නොවීමෙන් ඔහුද එම සිදුවීමට සම්බන්ධයැයි සැකයක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

හෙතෙම මේ බව පැවසූයේ සුළි කුණාටුවෙන් හානි වූ හාරිස්පත්තුව,හල්ලොලුව ඓතිහාසික කටාරංගල රජමහා විහාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම පිණිස පෙරේදා (15) එම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.

මෙම ගල්අඟුරු ගනුදෙනුව දූෂිත බැවින් මෙහි බර අවසානයේ මහජනතාව වෙත පැටවෙන බවට තමා පසුගිය දෙසැම්බර් මස පැවසූ බවත් එහිදී ජනාධිපතිවරයාගෙන් මෙයට ක්‍රියාත්මක වන ලෙස ඉල්ලීමක් කළ නමුත් ඔහු කිසිදු අවස්ථාවකදී මෙයට මැදිහත් නොවුනු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් හෙතෙම මෙසේද පැවසීය.

”විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් වෙලා තිබෙනවා.සියය 13.5 කින්.විදුලි ගාස්තු වැඩිවෙන්නේ අප්‍රේල් එකදා සිට.විදුලි ගාස්තු වැඩි වීමට කිසිදු අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ.ඒකට හේතුව ලෝකයේ ගල් අඟුරු මිලත් තෙල් මිලත් ඉතාමත්ම අඩුමට්ටමක පවතින්නේ.කවුරුත් දන්නවා ජලාශවල ජලමට්ටමත් ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබෙනවා.මේ දිනවල සූර්ය බලයත් සුළං බලයත් හොඳට තිබෙනවා.ඇත්තටම මේ විදුලි ගාස්තු වැඩිකරන්න වෙලා තියෙන්නේ බාල ගල්අඟුරු ගෙනඒම නිසා.ඒ නිසා සිදුවුණු පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා පාර්ලිමේන්තුවට වාර්තා කලා.රජය මුලින්ම කිව්වා බාල ගල්අඟුරුවලට වන්දියක් ගන්නවා කියල.විදුලිබල මණ්ඩලය පෙන්වා දීල තිබෙනවා නැව් 25 කින් හතරකින් පමණ වන්දිය ගත්තට පස්සේ කෝටි 180 ක පාඩුවක් තිබෙන බව.ඉතින් නැව් 25 ආවොත් එහෙම මේ පාඩුව ආසන්න වශයෙන් කෝටි දහස ඉක්මවනවා.ඒක මහජනයා පිට පැටවීම කිසිසේත්ම සාධාරණ නැහැ.විදුලි බල මණ්ඩලය ළඟදීම ඒ අමාත්‍යාංශයේ විදුලි අයක්‍රමය හා විදුලිබල ප්‍රතිපත්ති ගැන යම් ප්‍රතිප්තති වගයක් සම්මත කරන්න යනවා.විශේෂයෙන්ම අයක්‍රමය ගත්තොත් දුප්පත් ජනතාවට ඒ අයක්‍රමය වැඩිබරක් දාලා තිබෙනවා.උදාහරණයක් හැටියට ඒකක දාහට වැඩියෙන් පාවිච්චි කරන ඉහළ ධනකුවේරයන්ගේ විදුලි බිල දැන් තියෙනවා නම් රුපියල් තුනක් ඒක රුපියලට බහිනවා.දුගියගේ තිබෙනවා නම් රුපියලක් ඒක රුපියල් 20 වෙනවා.දුගියන්ගේ ඒ කියන්නේ ඒකක 30 අඩු විදුලි බිල 20 ගුණයකින් පමණ වැඩිවෙනවා.ධනකුවේරයන්ගේ ඒවා තුනෙන් එකකට අඩුවෙනවා.”

ධනකුවේරයන්ට වාසි දී දුගියට බර පැටවෙන අය ක්‍රමයකට ලංවිම සූදානම් වෙනවා

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here