15 හැවිරිදි බාලවයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාලවයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් සිසුන් පස්දෙනකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම පාසල් දැරියගේ දෙමාපියන් විසින් දැරිය සමඟ පැමිණ පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.
සමූහ දූෂණයට ලක් වූ බව කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසනවා.
එලෙස සමූහ දුෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගී වන බව නිවසට පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් ඇති බවත් එම අවස්ථාවේ දී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය ද රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම – මාගම්මන ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේ දී දැරිය දූෂණයට ලක් කර ඇති බවයි.
උදෑසන 9ත් පස්වරු 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත මාගම්මන ප්‍රදේශයේ නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන පදිංචිකරුවන් වන වයස අවුරුදු 15ත් 16ත් අතර වන පාසල් සිසුන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ මිතුරන් බව කියන වයස අවුරුදු 17ත් 19ත් අතර වන තරුණයින් දෙදෙනෙක්.
සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Saru FM Media