සම පැහැපත් කර ගන්න බ්ලීචින් භාවිතා කරන්න බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නවා.ඉක්මනින් සුදු වුණාට අතුරු ප්‍රතිඵල බහුල හින්දා බ්ලීචින් නිසා සමට හානි කරගත් අය ඇත්තටම වැඩියි.ඉක්මන් කොටයි කියලා කියන හින්දා බ්ලීචින් භාවිතා කරලා සමට හානි කර ගන්න එපා කියලා අපි ඔබට ආදරෙන් මතක් කරනවා.කොහොම වුණත් හානි වුණු සමට කළ හැක්කේ මොනවද කියලා තමයි අද අපි කතා කරන්නේ
බ්ලීචින් කරනවා කියලා හඳුන්වන්නෙ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා සමේ ඇති මෙලනින් වර්ණකය තුළ ඇති සාන්ද්‍රණය අඩු කිරීම හෝ අවම කිරීමයි.මින් සමේ පැහැපත් බව වැඩි වෙනවා.”තාවකාලික සුදු කිරීමක්” කියලත් හඳුන්වන්න පුලුවන්.ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ්, රසදිය වගේ රසායනික වර්ගත් මේවාට යොදනවා.ඒවා සංයෝජනය ප්‍රමිතියකින් වෙන්න ඕන.නැතිනම් සමේ ආසාත්මිකතා එන්න පුලුවන්.
දැන් බොහෝ දෙනෙක් ක්ෂණික ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා.හිරු එළියට පිළිස්සුණු හම ඉක්මනින් සුදු කරගන්න තමයි දැන් යුවතියන්ට ඕන.කොකුම් පොතු, කොහොඹ,සඳුන් ආලේපය වගේම එළවළු පළතුරු ආහාරයට ගැනීම සම පැහැපත් කර ගන්න හොඳම ක්‍රමයක්.ඒත් අව් රශ්මියෙන් හානි වෙන හමට ඉක්මන් ප්‍රතිකාර ගන්න තමයි හැමෝම හිතන්නේ.
ඒත් සමේ මෙලනින් අඩු කරගැනීම හොඳ නැහැ.සම තුනී වීම ඒ නිසා සිදු වෙනවා.ඉන් සම වේලීමට සහ වයසට යාමට පටන් ගන්නවා.ඇත්තටම බ්ලීචින් වලින් සම පැහැපත් වෙනවට වඩා සුදුමැලි වීමක් තමයි වෙන්නෙ.සමේ නහර පිටතට පෙනෙන්න ගන්නවා.ඒ නිසා බ්ලීචින් භාවිතය සුදුසු නැහැ.
බ්ලීචින් භාවිතා කිරීම නැවැත්තුවාම සමේ පැල්ලම් ඇති වෙනවා.ඒ පැල්ලම ඔබේ පැරණි හමට වඩා Dark වෙනවා.
ස්නායු වලට සහ ලේ ගමනාගමනයට බලපාන්න පුලුවන්.
දද කුෂ්ට ඇති වෙනවා.
කුරුලෑ ඇති වෙනවා.
ග්ලූටතයොන් එන්නත් භාවිතය වකුගඩු රෝග ඇති වෙන්නත් හේතුවක්.
ස්නායු රෝගවලින් ක්ෂණික මරණ ඇති වෙන්න පුලුවන්.
මානසික ආතතියට බලපානවා.
ගර්භනී කාන්තාවන් මේවා භාවිතා කිරීම නිසා දරුවාගේ වර්ධනයට බලපානවා.
එන්නත හෝ පෙති හෝ ක්‍රීම් ඇලජික් වුණාම මුලින්ම හිසරදයක් හැදෙන්න ඉඩ තියනවා.ආසාදිත බිබිලි හට ගන්නවා. මුලින්ම අදාළ ආලේපනය පාවිච්චි කරන එක නවතා දමන්න.
දැඩි හිසරදය පවතිනවා නම් වතුර බොන්න.මුත්‍රා හරහා විෂහරණය කරගන්න.
වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
ස්වභාවික බ්ලීචින් ක්‍රීම් එකක් හදන ආකාරය මේ ලිපියෙන් ඔබට දැනගන්න පුලුවන්.
අලුත් පළතුරු, පලා වර්ග, එළවළු ආහාරයට ගන්න.ස්වභාවිකව C විටමින් ලබා දෙන නිසා සම පැහැපත් වෙනවා.
ලස්සන වෙන්න අනතුරුදායක පාරවල් හෝ දැන්වීම් වලින් පෙන්වන විෂ සහිත මාවත් තෝරා ගන්න එපා.ඔබේ ස්වභාවික සමට ආදරය කරන්න.
Saru FM Media