මුහුණේ සුන්දරත්වයට හානි කරන පිම්පල්ස් ගැන අපි කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්නේ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ගැන. මේවා නිසා ද ඔබේ සුන්දරත්වයට බලපෑම් ඇති වෙනවා. නමුත් ස්වභාවික ප්‍රතිකාර වලින් මේ තත්ත්වය පාලනය කරගන්න පුලුවන්.
මුහුණේ තෙල් වැඩියෙන්ම තිබෙනවා නම් වයිට් හෙඩ්ස් හට ගන්නවා. මුහුණේ සුදු පැහැ බිබිලි වශයෙන් වයිට් හෙඩ්ස් දකින්න පුලුවන්. Black heads පිම්පල්ස් වල ඇක්නි තත්වය බොහෝ කල් මුහුණේ පැවතීමෙන් පසු මුහුණේ කිඳා බැසඇති කුණු බ්ලැක් හෙඩ්ස් කියලා හඳුන්වන්න පුලුවන්.
බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කිරීමට සැලෝන් වල නම් බහුලව භාවිතා වෙන්නේ charcoal peel off mask එකයි. නිවසේදී නම් ඔබට Extractor එකකින් මේවා ඉවත් කර ගන්නත් පුලුවන්.
බ්ලැක් හෙඩ්ස් අයින් කිරීමට නම් අනිවාර්යයෙන් 5 IN ONE මැෂින් එක, Vaccum machine සැලෝන් වල භාවිතා වෙනවා. Vaccum mashine හෝ Charcoal peel off mask ඔබට අන්තර්ජාලය හරහා ඇනවුම් කරන්නත් පුලුවන්.
මේවාට සත්කාර කරන්නට පෙර දෙහි යුෂ දැමූ වතුරෙන් මුහුණ සෝදා මුහුණ ස්ටීම් කර ගන්න. රස්නය සහිත ෆේස් ටවල් එකක් ගෙන වයිට් හෙඩ්, බ්ලැක් හෙඩ්ස් ඇති තැන්වල තබා හොඳින් තවා ගන්න.
බිත්තර සුදු මදයට දෙහි යුෂ එක් කර එයට කස්තුරි කහ හෝ සුදු හඳුන් ටිකක් දමා ගන්න. මුහුණේ එය ආලේප කරන්න. ඉවත් කරද්දී උඩු අතට ඇද ගන්න.
මුහුණ හොඳින් ක්ලෙන්සර් කර ගන්න. මඳ උණුසුම් ටවල් එකක් භාවිතා කර මුහුණ තවා ගන්න.විනාඩි දහයකට පසු බේකින් සෝඩා තේ හැන්දක්, ටූත් පේස්ට් තේ හැන්දක්, දෙහි යුෂ ටිකක් ගෙන මිශ්‍ර කර වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඇති තැන්වල ආලේප කර ගන්න. ඉන්පසු ඇඟිලි තුඩු වලින් කවාකාරව සම්බාහනය කරන්න. බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න.
මේ සත්කාරයට පසු මී කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක්,කස්තුරි කහ , කුරුඳු කුඩු ස්වල්පයක්,දෙහි බිංදු සහ මීකිරි යොදා පැක් එකක් සකසා ගන්න. එය මුහුණේ ආලේප කර ගන්න.
මෙන්න මේ විදියට ඔබට මේ කරදරකාරයන්ට එරෙහිව සටන් කරන්න පුලුවන්.
හැබැයි මතක තියා ගන්න. පෝෂ්‍යදායක ආහාර සහ ජලය මේ බොහොමයක් ගැටලු ස්වභාවිකම පාලනය කරනවා.
තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනි මධු ජයවීර මහත්මිය
Saru FM Media