බ්‍රිතාන්‍ය සම්බාධක ගැන පියවර ගන්න අමාත්‍ය කමිටුවක්

0
25


බ්‍රිතාන්‍ය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘතිති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළා. 

Neth Sound · CABINET NALINDA 01

මේ අතර මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට අමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබා දීමට ද තීරණය කර තිබෙනවා. 

Neth Sound · CABINET NALINDA 02

මේ අතර මාධ්‍යවේදීන් මෙහිදීඉන්ධන මිල අඩු වීමට සාපේක්‍ෂව ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා. 

Neth Sound · CABINET NALINDA 06

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 304 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් රජයේ පුරප්පාඩු 30,000ක් පිරවීම යටතේ මේ වන විටත් 15,900කට පුරප්පාඩු පිරවීමට කටයුතු ආරම්භ කර ඇති බවත් මෙහිදී පැවසුවා.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here