බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රතිචාර දක්වයි

0
13


එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද නිල වශයෙන් දැනුම් දුන්නා.

ඒ, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් බි්‍රතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් මහතා වෙත ලිඛිතව දැනුම් දෙමින්.

Neth Sound · VOICE 01

බි්‍රතාන්‍ය විසින් මෙරට හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදත් ප්‍රතිචාර දැක්වූවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ අදාළ චෝදනා කිසිදු ස්ථානයක ඔප්පු කර නොමැති බවයි.      

LTTE සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමා බවත් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළ බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා. 

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්.

Neth Sound · MARIKKAR 01

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ද අද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

Neth Sound · ROSHAN 01

මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.

Neth Sound · SANJEEWA 01

කෙසේවෙතත් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක එස් ශ්‍රීධරන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ බි්‍රතාන්‍ය ගත් මෙම තීරණය ප්‍රසංසනීය බවයි.

එය අනුගමනය කරමින් අමෙරිකාව සහ කැනඩාව ද කටයුතු කරනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තමාගේ බි්‍රතාන්‍ය සංචාරයේදී එරට බලධාරින් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා පවසනවා.

එක්සත් රාජධානිය විසින් මෙම සම්බාධක පනවා ඇත්තේ හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ LTTE සංවිධානයේ කලක් සේවය කළ, එහි නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මානටයි. 

Media Release Sin by nethsound on Scribd



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here