ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමි (David Lammy) මහතා නිල සංචාරයක් සඳහා හෙට (17) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
මේ සංචාරයේදී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ ‘ළමා රැකවරණය පිළිබඳ ගෝලීය ව්‍යාපාරයේ ප්රඥප්තියට’ (Charter for the Global Campaign on Children’s Care) අදාළ ගිවිසුමකට අත්සන් තැබීමටය.
අඟහරුවාදා පෙරවරුවේ දිවයිනට පැමිණෙන ලැමි මහතා ශ්‍රී ලංකා නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැත්වෙන ළමා රැකවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ ගෝලීය ප්රඥප්ති උත්සවයට සහභාගී වනු ඇත.
Saru News










