බ්‍රිතාන්‍ය අගමැති චීනයට

0
10

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් මහතා ඊයේ  (28) බෙයිජිං නගරය වෙත ළඟා වී සිව්දින චීන නිල සංචාරය ආරම්භ කළේය.

වසර අටකට පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු චීනයේ සිදු කරන ප්‍රථම සංචාරය මෙයයි. එම සංචාරය අතරතුර, ස්ටාමර් මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට නියමිතය. 

ඊට අමතරව, චීන අගමැති – ලී චියැං මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති – ජාඕ ලර්ජි මහතා සමග වෙන වෙන් වශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. එහිදී ද්විපාර්ශ්වික සබඳතා සහ පොදුවේ අවධානයට ලක් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
චීනය සමග එක්ව අඛණ්ඩ, දිගුකාලීන මෙන්ම උපායමාර්ගික සම්බන්ධතාවයන් වර්ධනය කර දෙරටේ සංවාද හා සහයෝගිතා සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය පාලක පක්ෂය ලෙස කටයුතු ඇරඹීමෙන් පසු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පැහැදිලිව ප්‍රකාශ කළේය. මෙවර සංචාරය ප්‍රයෝජනයට ගනිමින් චීනය බ්‍රිතාන්‍යය සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කරමින් ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටී.

චීන-බ්‍රිතාන්‍ය සබඳතාවයේ විධිමත් මෙන්ම ඵලදායී සංවර්ධනයක නව පරිඡේදයක් ආරම්භ කරමින් ලෝක සාමය ආරක්ෂාව හා ස්ථාවරත්වය සඳහා එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බවද පසුගියදා චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ද ප්‍රකාශ කර ඇත.

(ඡායාරූපය :Xinhua)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here