තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සතු ගමන් මළු තුළ තිබී කුශ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 405 නැමැති ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදී නවතා පරීක්ෂා කළ අතර ඇයගේ ගමන් මළු තුළ සඟවා තිබූ කුශ් නැමැති මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවිය.
සොයාගන්නා ලද කුශ් මත්ද්‍රව්‍ය වල මුලු බර කිලෝ ග්‍රෑම් 46 ක් වන අතර සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ වීදි වටිනාකම රුපියල් මිලියන 460කට ආසන්න වනවා.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයෙන් සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් රාශියක් තුල ගුවන් තොටුපළ මෑත ඉතිහාසයේ සිදුකල විශාලතම කුශ් මත්ද්‍රව්‍ය වැටලීම මෙය වන අතර රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා ශ්‍රී ලංකාව තුළට ජාවාරම් කිරීමට උත්සාහ කළ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
සැකකාරිය හා මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකාරිය හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද භාර දීමට නියමිතය.
.jpeg)

Saru FM Media