බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලකත් එක්ක ත්‍රිවිධ හමුදාවේ 26ක් ආධාරත් අරන් මියන්මාරයට!  PHOTOS I Sri Lanka Latest News

0
13


පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (අප්‍රේල් 05) දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්ව ගියහ.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. ඉතා කෙටි කාලයක් තුල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීම විශේෂත්වයකි.

ථේරවාදී බුදු දහම නැවත අප රටේ ස්ථාපිත කිරීමට දායකත්වය ලබාදුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්, දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලදුව එක්‍ රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමඟ මියන්මාර රජය වෙත යැවීමට කටයුතු කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම මෙම මහගු කර්තව්‍යයට දායකත්වය ලබා දී තිබේ.

මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීම මනාව පිළිඹිබු කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-04-05



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here