බ්‍රසීලියන් මිල්ක් ෂේක් හදමු.

0
2

ගෙදරට එන අමුත්තන්ට ටිකක් අමුතුපහේ බීමක් පිළි ගන්වන්න පුළුවන් නම් ඔබ ස්මාර්ට් ගෘහණියක් වීමට හොඳටම ඉඩකඩ තියනවා. මේ කියන්නේ එහෙම ඩ්‍රින්ක් එකක් ගැන. නිවසේ තියෙන දේවල් වලින් ම මෙය හදා ගන්න ඔබට පුලුවන්.

 

අවශ්‍ය දේවල්:

• දෙහි ගෙඩි 2
• උකු කල කිරි මේස හැදි 3
• වතුර කෝප්ප 3
• සීනී කෝප්ප 1/2
• අයිස් කැට

සාදාගන්නා ආකාරය:

දෙහි ගෙඩි හොඳින් සෝදා පොඩි පොඩි කැබලි වලට කපා ගන්න.

කපාගත් දෙහි, සීනි, උකු කල කිරි, වතුර, අයිස් කැට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

මේ  ලෙමනේඩ් එකේ දෙහි පොතු එහෙම ඉතුරු වෙලා තියෙන නිසා ලෙමනේඩ් එක පෙරාගන්න.

වීදුරුවකට දමා  අයිස් කැට  එකතු කරන්න . රස බලා අවශ්‍ය නම් දෙහි ස්වල්පයක් දමා ගන්න. මිංචි කොළයක් එකතු කරන්නත් හැකියාව තිබෙනවා.

විනාඩි පහකින් ඔබේ ලෙමනේඩ් එක සූදානම්.

-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here