ඊසානදිග බ්‍රසීලයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රතිවිරුද්ධ මංතීරුවට හැරී එහි තිබූ ගල්වල ගැටී, පසුව වැලි බැම්මක ගැටී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති බවය.
මියගිය පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු ද සිටින බව සදහන් වේ.
Saru FM Media