බ්‍රවුන්ස් කෘෂි අංශය රන් සම්මානයෙන් පිදුම් ලබයි

0
1

විකුමන්ති අබේවර්ධන මෙනවිය – නියෝජ්‍ය කළමනාකාරිණී, අලෙවිකරණ සහ නිෂ්පාදන සංවර්ධන – බ්‍රවුන්ස් කෘෂි අංශය, මේනකා විජේසිංහ මහත්මිය – කළමනාකාරිණී, සන්නාම සහ නිෂ්පාදන සංවර්ධන – බ්‍රවුන්ස් පවර් සොලූෂන්ස් අංශය, චතුර මනරම් ගුණතිලක මහතා – ප්‍රධාන විධායක නිලධාරී/නිර්මාතෘ, ෆෙත් ඇන්ඩ් හෝප් (පුද්ගලික) සමාගම, ඩිසිෂනොමික්, අනුරුද්ධ අළුවිහාරේ මහතා – සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී, සංජය නිශ්ශංක මහතා – බ්‍රවුන්ස් කෘෂිකාර්මික හා බර යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී / ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ බ්‍රවුන්ස් ඇග්‍රි සොලූෂන්ස් සහ ඇග්ස්ටාර් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂ, නියාස් අහමඩ් මහතා – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – බ්‍රවුන්ස් කෘෂි අංශය, කෞෂලා අමරසේකර මහත්මිය – ව්‍යාපෘති සභාපති, SLIM සන්නාම විශිෂ්ටත්වය-2024, මලීක් මුෆීන් මහතා – හොට්ප්ලේට් පුද්ගලික සමාගම සහ පෙපර් සොලූෂන්ස් පුද්ගලික සමාගමෙහි සම-නිර්මාතෘ

ශ්‍රී ලාංකීය ගොවි පරපුර කෘෂි ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරමින් ජීවිත උසස් කරවන බ්‍රවුන්ස් කෘෂි අංශය, බ්‍රවුන්ස් සුමෝ වර්ල්ඩ් හාවස්ටරය වෙනුවෙන් 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානයේදී “Glocal Brand of the Year” ලෙස කීර්තිමත් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ අලෙවිකරණය සඳහා වූ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් සංවිධාන කරන මෙම සම්මාන ප්‍රදානය මෙරට කැපී පෙනෙන වෙළෙඳ සන්නාම, ක්‍රමෝපාය විශිෂ්ටත්වය සහ බලපෑමක් ඇති කරන අලෙවිකරණ නායකත්වය සමරන ගෞරවනීය වේදිකාවක් වේ. Monarch Imperial හිදී පසුගියදා පැවැත්වුණු සන්නාම ප්‍රදානෝත්සවය මඟින් අපේ රටේ කර්මාන්ත, ප්‍රජාවන් සහ දේශීය ආර්ථිකය හැඩගස්වන වෙළෙඳ සන්නාම පිළිගැනීමට ලක් කෙරිණි.

වසර 100 කට වැඩි කලක් බ්‍රවුන්ස් කෘෂි අංශය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, යාන්ත්‍රීයකරණය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටී. කෘෂිකාර්මික නවෝත්පාදනයේ මේ සියවසක උරුමය තුළින් පන්නරය ගෙන, අස්වනු නෙළීම සඳහා බ්‍රවුන්ස් හාවස්ටරය ශ්‍රී ලාංකීය ගොවි ජනතාවට හඳුන්වා දී තිබේ. අද දිවයිනේ අංක එකේ අස්වනු නෙළන යන්ත්‍රය වන බ්‍රවුන්ස් හාවස්ටරය ජාතික වෙළෙඳපොළෙන් 73% ක ආකර්ෂණීය කොටසක් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ කුඹුරු සඳහා එය සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත්තේ මෙරට පසේ තත්ත්වයන්, විවිධ බිම් ප්‍රදේශ මෙන්ම දේශගුණික අභියෝගවලට ඔරොත්තු දෙන ආකාරයෙනි. මේ නිසා බ්‍රවුන්ස් හාවස්ටරය විශ්වාසදායක ඉහළ ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට වඩාත් ගැළපෙන විසඳුමක් බව කිව යුතු නොවේ.

බ්‍රවුන්ස් සුමෝ වර්ල්ඩ් සහ බ්‍රවුන්ස් යන්මාර් යන විශ්වාසදායීතාවයෙන් සුපතල වෙළෙඳ නාම දෙක යටතේ අශ්වබල 15 සිට අශ්වබල 100 දක්වා පරිපූර්ණ යාන්ත්‍රික පරාසයකින් පිරිනමන හාවර්ස්ටර් යන්ත්‍ර පෙළ ශ්‍රී ලංකාව පුරා විවිධ බෝග වගාවන් සඳහා සහාය වේ. වී වගාව සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළත්, බ්‍රවුන්ස් හාවස්ටර් යන්ත්‍ර බඩ ඉරිඟු, උක් සහ අනෙකුත් බෝග අස්වනු නෙළීම සඳහා ද නිර්මාණය කරන ලද්දකි. එමඟින් ගොවීන්ට විවිධාංගීකරණයට සහ විවිධ මට්ටම්වල බෝග වගාවන්ට යොමුවීමට අවස්ථාව හිමිවේ. උසස් අධීක්ෂණ පද්ධති මඟින් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ඒ මොහොතේම නිරීක්ෂණය කළ හැකිවේ. මෙමඟින් අස්වනු නෙළන සමය පුරාම අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් සහතික කරයි.

බ්‍රවුන්ස් කෘෂි අංශයේ නිලධාරීන්ගේ කැපවීම මගින් සිදු කරන අතිවිශිෂ්ට සේවා සැපයුම බ්‍රවුන්ස් හාවර්ස්ටරයේ කීර්තිනාමය ඔප්නංවන තවත් එක් සාධකයකි. බ්‍රවුන්ස් කෘෂි අංශයේ වඩාත් පුළුල් අලෙවියෙන් පසු සේවා සහ අමතර කොටස් ජාලය මගින් යන්ත්‍රය අක්‍රීයව පවතින කාලය අවම කරමින් ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යෑමට පහසුකම් සලසයි. යන්ත්‍රය ගැටලුවකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක දී, බ්‍රවුන්ස්හි අතිදක්ෂ තාක්ෂණික කණ්ඩායම කොතරම් දුරක සිටියත් ගොවි ජනතාවට අවශ්‍ය ඕනෑම ස්ථානයකට පැමිණ එහි ක්‍රියාකාරිත්වය ඉක්මනින් සහ විශ්වාසදායක ලෙස යථා තත්ත්වයට පත් කරයි. නිරන්තර සහයෝගයෙන් යුතුව ලබාදෙන අතිවිශිෂ්ට සේවාව දිවයින පුරා ගොවි ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හේතුවී තිබේ. බ්‍රවුන්ස් හාවර්ස්ටරය කන්නයක්, කන්නයක් පාසා එහි සැබෑ ක්‍රියාකාරීත්වය සහ කල්පැවැත්ම ඔප්පු කර තිබේ. බ්‍රවුන්ස් කෘෂි අංශය නිරන්තරයෙන් පාරිභෝගික කෘෂි අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන නිසි විසඳුම් ලබාදෙමින්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවා ඔවුන්ට අවශ්‍ය තොරතුරු, දැනුම සහ නව හඳුන්වාදීම් පිළිබඳව දැනුවත් කරමින් ඔවුන් සමග ශක්තිමත්, විශ්වාසනීය බැඳීමකින් කටයුතු කරන්නට පියවර ගෙන ඇත. බ්‍රවුන්ස්හි මෙම සුවිශේෂී සේවා පද්ධතිය අද වන විට නාගරික සහ ග්‍රාමීය ගොවි ප්‍රජාවන් දෙකෙහිම අගය, විශ්වසනීයත්වය සහ දිගුකල් පවතින ක්‍රියාකාරිත්වය සඳහා අරුත් දැක්වීමක් වී තිබේ.

මෙම කීර්තිමත් සම්මානය පිළිබඳ අදහස් දක්වමින්, බ්‍රවුන්ස් කෘෂිකාර්මික හා බර යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී / ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ බ්‍රවුන්ස් ඇග්‍රි සොලූෂන්ස් සහ ඇග්ස්ටාර් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂ, සංජය නිශ්ශංක මහතා මෙසේ පැවැසීය, “බ්‍රවුන්ස් හාවර්ස්ටරය අපේ රටේ ගොවීන්ට යන්ත්‍රයකින් ඔබ්බට ගිය ජීවනාලියක් වී තිබේ. වියදම් අධික බිඳවැටීම්වලින් හෝ පමාවකින් තොරව නියමිත වේලාවට අස්වනු නෙළාගැනීම එමඟින් සහතික කරයි. බ්‍රවුන්ස් හාවර්ස්ටරයේ සෑම

අංගයක්ම ගොවි ජනතාවට කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට සහ ඉන්ධන පිරිමසා ගැනීමට සහය වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ. එමෙන්ම උසස් තාක්ෂණය ඔස්සේ, ගොවිබිම්වල සිටින ගොවි ජනතාවට ඍජුව සම්බන්ධවී උපදෙස් ලබාදීමට හැකිවීම ද විශේෂත්වයකි. ඕනෑම අවස්ථාවක ලබාදෙන 24/7 සේවාව මගින් ඉතා විශ්වාසනීය වූ අසමසම සේවාවක් නොපිරිහෙළා ඉටු කරන බව අපගේ පාරිභෝගික ජනතාවගේ විශ්වාසයයි.

1875 වසරේ ආරම්භ කරන ලද බ්‍රවුන්ස් සමූහය, සිය දිගු ගමන් මඟේදී මෙරට පාරිභෝගික හදවත් දිනූ නාමයක් ලෙස දැවැන්ත වර්ධනයක් අත්කරගෙන සිටී. අද වන විට ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකෘත සමාගම් සමූහයක් වන කීර්තිමත් බ්‍රවුන්ස් සමූහය, මෝටර් රථ, බලශක්ති උත්පාදනය, කෘෂිකර්මාන්තය සහ වැවිලි, ඖෂධ, ආයෝජන, සමුද්‍රීය සහ නිෂ්පාදන මෙන්ම සංචාරක ආදී ශීඝ්‍ර වර්ධනයක් ලබන ප්‍රධාන පෙළේ කර්මාන්ත අංශවල අගනා සන්නාම සමූහයක් කළමනාකරණය කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here