වර්තමානය වනවිට මෙරට තුළ බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
එහිදී සෞඛ්‍ය අංශ අනාවරණය කළේ, පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ ජලභීතිකා රෝගින් වැඩිම ප්‍රමාණයකට එම රෝගය බෝවීම සිදුවූ තිබුණේ මහමඟ සිටීන සුනඛයින් සපාකෑම නිසා නොව, නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් සපාකෑම නිසා බවයි.
බල්ලන්, පූසන්, ලේනුන්, මුගටින් වැනි සතුන් සපාකෑම හේතුවෙන් බෝවන ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයක් ලෙස සැලකෙයි.
සෞඛ්‍ය අංශ අනාවරණය කරන පරිදි වසරකට මෙරටින් සුනඛ සපාකෑම් පමණක් 250,000-300,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.
Saru News








