බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල මුල් පුටුවට පත් කරන විදිය

0
5


යම් පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සමව මන්ත්‍රී ධූර ලබා ගෙන ඇත්නම් නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා පත්කර ගැනීම   මේ වන විට සමාජය තුළ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වනවා. 

එවන් අවස්ථාවක එම ධූරය සඳහා යම් තැනැත්තෙකු පත්කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා.

Neth Sound · LAWYER PRATHIBHA 01

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා.

Neth Sound · LAWYER PRATHIBHA 02

පළාත් පාලන ආයතන 339න් 265ක ජය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. 

ඉන් එම පක්ෂය බහුතර බලය ලැබූ ආයතන සංඛ්‍යාව 116ක්. කෙසේවෙතත් ජාතික ජන බලවේගය ජය ලැබූවත් ආයතන 120ක බහුතරය අහිමි වුණා. 

එම පක්ෂය සහ සෙසු පක්ෂ ආයතන 29ක ලබා ගත් සභික සංඛ්‍යාව සම වීම විශේෂත්වයක්.
 

මේ අතර ජාතික ජන බලවේගය ජය ගත් ආයතන 265ට මහනගර සභා 23ක්, නගර සභා 25ක්, ප්‍රාදේශීය සභා 217ක් අයත්. මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය ජය ගත් ආයතන සංඛ්‍යාව 14ක්. 

නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා දෙකක් ඔවුන්ට හිමි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේදී කිසිදු පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීමට නොහැකිවීම විශේෂත්වයක්. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී සභික ධූර 742ක් සහ එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 381ක් හිමි වුණා.
 

මේ අතර කොළඹ මහනගර සභාවෙහි සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා නම් කර තිබුණා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here