බස් රියදුරන්ගෙන්  60%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

0
7

කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියැදුරන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

2025 වසරේදී රිය අනතුරු 2700ක් සිදුව ඇති බවත් ඉන් පුද්ගලයින් 2,700ක් මිය ගොස් ඇති බවත් ඔහු කීය.

ඉන් 2,000ක් පදිකයින්, යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් වන අතර මිය ගිය පිරිසෙන් සියයට 53ක් පිරිමි පුද්ගලයින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අනතුරුවලින් සියයට පනහකට පමණ හේතුව රියදුරන් බවට අනාවරණවී තිබේ.

ඔවුන්ගෙන් බහුතරයක් මත්පැන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවට හෙළිවී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන තම රියදුරන් සම්බන්ධයෙන් බස් සංගම් වැඩි වශයෙන් හෙළි කර ඇති බවත් ඔවුන්ගෙන් සියයට හැටක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බවත් ඔහු කියා සිටියේය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here