බස් රථ ඉන්ධන කෝටාව ඉහළට

0
3

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් – 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ඒ අනුව බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ වනු ඇත.

එම ක්‍රමවේදය සකස් කරනතුරු ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ලංගම ඩිපෝ මගින් මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම සිදුකරන්නේ නම් දිනකට ධාවනය කළ හැකි බස් රථ ප්‍රමාණය 50%කට සීමා වනු ඇති බවය.

මෙරට පෞද්ගලික බස් රථ 13,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බව පෙන්වා දුන් ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ධාවනය කළ හැක්කේ බස් රථ 6,500ක සීමාවක් පමණක් වන බවත්ය.

එමෙන්ම පවතින බස් රථ ප්‍රමාණයට ඉන්ධන සපයා ගැනීමට ඇති ඩිපෝ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දුන් ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මේ සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පැන නගින බවය.

 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here