බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW:

“මං දකින හැටියට නම් ලෝක කුසලාන තරගාවලියට අපේ සූදානම හොඳයි. සිඳු වූ එකම දේ අපට බලාපොරොත්තු ප්‍රතිපල නොලැබිමයි.“
ලෝක කුසලාන තරගවෙලිය සඳහා සහභාගි වන කණ්ඩායම් නායකයන් මාධය හමුවේ පෙනී සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවැනි අදහසක් ප්‍රකාශ කළා.එසේ වීම පලයනම් වීමට හේතුව තවමත් නිවැරදිව අවබෝධ කරගෙන හො සාකච්ඡා කර නොමැති බව එම ප්‍රකාශය සමඟ දසුන් ඉදිරිපත් කළ කරුණු අනුව පැහැදිළි වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ කණ්ඩායමේ දක්ෂතා පෝෂණය කරන්න පසුගිය කාලය තුළ විවිධ පහසුකම් සහ දැණුම ලබා දීමට විශාල වැයක් දරා තිබෙනවා.ලෝකයේ තවත් රටක පහසුකම් සමඟ සසඳා අපේ රටේ වෙනත් ක්‍රීඩාවන්ට අඩු – පාඩු කිව හැකි නමුත්,ක්‍රිකට් ක්‍රීඩකයන්ට තිබෙන ඇතැම් පහසුකම් ක්‍රිකට් ක්‍රීඩා කරන සමහර රටවලට නොතිබෙන්නත් පුළුවන්.
ඒ පහසුකම් මත හොඳින් සූදානම්ව සිටියා. ඒත් බලාපොරොත්තු වූ දේ වුණේ නැහැ කියන මේ උත්තරයම අතීත කාලයට දාලා ලෝක කුසලානයෙන් පසුවත් දසුන් කිව්වොත්…

මේකට ශ්‍රී ලංකා ක්‍රිකට්වලටත් දෙන්න උත්තරයක් නැහැ.දසුන් පැවසිය යුතු වන්නේ අපේක්ෂිත ප්‍රතිපල නොලද හේතුවයි.ඒ ගැන අධ්‍යයනයකින් පසුව මූලික වශයෙන් අපි හිතුව දේ නොලැබුණේ මේ මේ වරදවල් නිසා බව දසුන් මාධ්‍ය හමුවේ කීවේනම් මීට වඩා පැහැදිළියි සහ පැහැදීමකින් කණ්ඩායම දෙස බලාගෙන සිටින්න තිබුණා.

විශේෂයෙන් දෙවන සහ තෙවන තරගයේදී තමන් දඟ පන්දු යැවීමට මුහුණ දුන්න ආකාරය ගැන දසුන් කියා,එහිදී සිඳු වූ දේ පැවසුවානම් එයම වැදගත්.මේ අදහස් දැක්වීම අනුව සූදානම් නමුත්, බලාපොරොත්තු ප්‍රකිපල නොලැබෙන්නට හේතු වූ කාරණා පැහැදිළි කළානම් වටිනවා.මේ පැහැදිළි කිරීම සහ ප්‍රකාශ කිරීම නොකරන තාක් ඒ වෙනුවෙන් වෙනත් පාර්ශව ඒ වැරදි තමන්ගේ දැණුමෙන් අර්ථ කතනය කරමින් ගොඩ නඟන විරෝධයෙන් කණ්ඩායම තැලෙනවා.සජීවීව වුවත් මේ දේ සිඳු වෙනවා.

මේ අදහස් දැක්වීමේදී දසුන් සිඳු වූ විවේචන සහ විරෝධතා නිසා අප සැලී නැහැ කියා පෙන්වන්නට වැරදුණා කියන කාරණය අනියමින් මතු කරා විනා,ඒ වැරදි කවරේද කියා කිවේ නැහැ.දසුන්ම කියනාකාරයට වැරද්දක් නොතිබුණානම් ඔවුන් බලාපොරොත්තු වූ තැනට ගමන් කර තිබිය යුතුයි.ඒ නිසා වැරදුණේ කොතැනද කියාවත් අවබෝධ කරගෙන සිටින බව දසුන් ප්‍රකාශ කළ යුතුව තිබුණා.
ඉතාම හොඳන් සහ වේගයෙන් ලකුණු අතර සිටින අතරම ක්‍රීඩකයන් අප දකිමින් සිටින සාර්ථක ක්‍රීඩකයාද කියා සිතා ගන්නට නොහැකි පහරකින් දැවී යනවා.ඒ අවුල වෙනුවෙන් දැන් කර ඇති ප්‍රතිකර්මය කුමක්ද?දඟ පන්දු යවන්නන් බහුල ශ්‍රී ලංකාවේ තණිතීරුවක දඟ පන්දු යවන්නෙක්ගේ පන්දුව අතින් නික්මුණ පසුව එහි දඟ කැවීමේ දිශාව කියවා ගන්න නොහැකිව දසුන් දැවී යනවා.එහිදී සිඳු වූ වරද කවරේද?හැරී බෘක් පිට ඉන්නේ සිට එල්ල කරන පහර මඟ හැර ගැනීමට පන්දු යැවීමේ ඉලක්කය වෙනස් කිරීම එක්දින තරගවල සිටම මඟ හැරුණා නේද?එය අවධානයට ලක් වුණේ නැද්ද?

ඇත්තටම එක දිගට ලද පරාජයන් පොකුරකින් පසුව අපි සූදානම්, මෙච්චර දවස් වුණේ බලාපොරොත්තු වූ දේ ඉටු වී නැතිකමයි වැනි පිළිතුරු වෙනුවට දසුන් මේ වෙලාව ගෙන කිව යුතුය තිබුණේ,අපේක්ෂිත ප්‍රතිපලයට ළඟා වීමට නොහැකි වූ කාරණා කවරේද යන්නයි.
එය තේරුම්ගෙන නොදන්නවා සේ හැසිරුණාද ඇත්තටම තේරුම් ගෙන නැද්ද යන්න අවබෝධ කර ගන්න අප ලෝක කුසලානය දෙස බලා සිටිය යුතු වෙනවා.පකිස්තානය පමණයි අභියෝගය ලෙස සිතා සැහැල්ලුවෙන් ගෙන තරග කිරිමනම් ශ්‍රී ලංකාවේ කීර්තිය සමඟ සූදු කිරිමක් බඳු වෙනවා.පරිස්සමෙන් වෘත්තීය ක්‍රිඩකයන්ට පැය කිහිපයක් ප්‍රමාණවත් බලාපොරොත්තු වූ දේ නොලැබුණු හේතුව කියවා ගන්නට.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here