මේවන විටත්, බැඳුම්කරය මෙන් දෙගුණයකටත් වඩා වැඩි පාඩුවක් සිදු කර ඇති බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට විපක්ෂය බල කළද, කළ යුතුවන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම බව ජ්‍යෙෂ්ඨ දේශපාලන විචාරක කුසල් පෙරේරා මහතා කියයි.
මහින්දානන්ද අළුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු කැරම් බෝඩ් සිද්ධියට මිලියන 53කට අත්අඩංගුවට ගත හැකි නම් බාල ගල්අඟුරු ගෙන්වා බිලියන 7ක් පාඩු කළ බලශක්ති ඇමැති අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ මන්දැයි විමසා ඔහු විමසා සිටී.
වසර 2022 සිට මේ ආණ්ඩුව පත්වීමට වේදිකාව නිර්මාණය වුයේ දූෂණයට විරුද්ධ එකක් ලෙස බවත්, ආණ්ඩුව සිටින්නේ රාජපක්ෂලාගේ දේශපාලනයට සම්බන්ධ කිහිපදෙනෙකුගේ දූෂණවලට විරුද්ධව කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් යැයි යන මතයේ බවත් ඔහු පෙන්වාදෙයි.
ඔහු මේ අදහස් දක්වා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් මහතාගේ Lanka Voice යූටියුබ් නාලිකාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.
සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්.
Saru News
















