බලශක්ති ඇමති ඉංජිනේරු කුමාරට අධිචෝදනා භාරදෙයි. ශරීර ඇප දෙකක් මත නිදහස් !

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

2015 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුකිරීමට අදාළව වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට අධිචෝදනා භාරදීම අද (27) කොළඹ මහාධිකරණයේදී සිදුකෙරිණි.

විත්තිකාර අමාත්‍යවරයා අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදෙන ලදී.

අධිචෝදනා භාරදීමෙන් පසු, විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර, ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙසේ මෙම අමාත්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත්තේ අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දුෂණය’ නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙනි.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව මැයි 06 වනදා යළි කැඳවීමට නියමිත ය.

The post බලශක්ති ඇමති ඉංජිනේරු කුමාරට අධිචෝදනා භාරදෙයි. ශරීර ඇප දෙකක් මත නිදහස් ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here