බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට චක්‍රලේඛයක්

0
3

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුව ඇති බලපෑම සමනය කරමින් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම තහවුරු කිරීමට සහ පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මෙම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක හා කොමිෂන් සභාවල ප්‍රධානීන්, දෙපාර්තමේන්තුව ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම හා බදාදා දිනය රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් කාණ්ඩයන්ට හිමිගන්වා ඇති ඉන්ධන දීමනාව නැවත දැනුම්දෙන තුරු පසුගිය මාර්තු 01 වැනි දින පැවැති ඉන්ධන මිල පදනම් කර ගනිමින් අදාළ දීමනා ලබා දිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවය.

එමෙන්ම ඉන්ධන දීමනාව වෙනුවට ඉන්ධන ප්‍රමාණය සහ ඉන්ධන මිල පදනම් කර ගනිමින් ගෙවනු ලබන වෙනත් දීමනා සඳහා සඳහා ද පසුගිය මාර්තු 01 වැනි දින පැවැති ඉන්ධන මිල අනුව ගණනය කළ යුතු බවත් අදාළ චක්‍රලේඛය මගින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

බලශක්ති අර්බුදය තුල රාජ්_ය වියදම් කළමනාකරණය කිරීම by poornima

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here