බලයලත් අලෙවිකරුවන් වෙතින් මිලදී ගන්නා HP පරිගණක සඳහා වසර තුනක වගකීම් සහතිකයක්!

0
3


රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ Intel සහ AMD උපාංග ඇතුළත් තෝරාගත් ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීමක් හඳුන්වා දෙන බව HP නිවේදනය කරයි. HP අවධාරණය කරන්නේ මෙම වගකීමේ සහතික ලබා ගැනීම සඳහා බලයලත් අලෙවිකරුවන්ගෙන් පමණක් මිලදී ගැනීම අත්‍යවශ්‍ය බවයි. බලයලත් අලෙවිකරුවන් නිෂ්පාදනයේ ප්‍රමිතිය සහතික කිරීමට අමතරව අලුත්වැඩියා කිරීම ඇතුළු ප්‍රතිලාභ සඳහා ද පහසුකම් සපයයි.

මෙම වගකීම් සහතිකය ලබා දීමේදී HP කරුණු කිහිපයක් පිළිබඳව සහතික වෙයි. Windows OS සහතික කළ ඉංජිනේරුවන්ගේ අනුමැතිය සහිත ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් යොදා නිමවා ඇති බවයි. එමෙන්ම ප්‍රමිතියකින් තොර උපාංග භාවිත කරමින් අලෙවි කරන උපාංග නිසා ඇතිවිය හැකි ගැටලු අවම කරගැනීමට අවස්ථාවක් සලසා දී ඇති බවයි.

මේ අනුව Intel Core i3, Core i5, Ryzen 3 සහ Ryzen 5 මෙහෙයුම් පද්ධතිවලින් සමන්විත ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීම් සහතිකය හිමිවෙයි. මෙම සුවිශේෂී වගකීම් සහතිකයක් හිමිවන HP ලැප්ටොප් වර්ග වන්නේ 15-fd0501TU, 15-fc0387AU සහ 15-fd1227TU මාදිලි වෙයි. මේ සෑම ලැප්ටොප් පරිගණකයක්ම, කල්පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙම වගකීමේ සහතිකය ලබා දීමෙන් විශ්වසනීයත්වය තහවුරු කරයි. අබාන්ස්, සිංහගිරි සහ රට පුරා විසිරී සිටින බලයලත් විකුණුම්කරුවන් හා ශ්‍රී ලංකාවේ HP හි බලයලත් විකුණුම්කරුවන් වෙතින් පාරිභෝගිකයින්ට මෙම වාසි අත්කර ගැනීමේ පහසුකම් සපයා තිබේ.

HP හි ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ව්‍යාපාර සංවර්ධනය සඳහා වන ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ අන්කුර් ගොයෙල් මහතා බලයලත් අලෙවිකරුවන් වෙතින් උපාංග මිලදී ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් “ඔබේ උපාංගය මිලදී ගැනීම සඳහා බලයලත් අලෙවිකරුවෙකු තෝරා ගැනීමෙන් උපාංගයේ උසස් නිමාව, කාර්යක්ෂමතාව සහ දීර්ඝායුෂ සහතික කිරීමේ පළමු පියවරයි. වසර තුනක් සඳහා ලබා දෙන අපගේ සුවිශේෂී වගකීම් සහතිකය ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා වන අපගේ කැපවීම පිළිබිඹු කරයි. කල්පැවැත්ම පිළිබඳව විශ්වාසය පාරිභෝගිකයින්ට මානසික සහනයක් ලබා දිය හැක්කේ සැබෑම HP නිෂ්පාදන ලෙස සහතික කළ ආයතන මඟින් පමණයි.” යනුවෙන් පැවසීය.

HP හි ශ්‍රී ලංකා බලයලත් අලෙවි නියෝජිතයින් වන අබාන්ස් සහ සිංහගිරි සමඟ එක්වී සිසුන් සහ තරුණ වෘත්තිකයන් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. අබාන්ස් වෙතින් මාස 24ක් දක්වා වාරික ගෙවීමේ සැලසුමක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ක්‍රෙඩිට්කාඩ් පහසුකම් අත්‍යවශ්‍ය නොවේ. මේ සඳහා වන මාසික ගෙවීම් රු. 7,400ක් වැනි අඩු මුදලකි.

ඊට අමතරව, තෝරාගත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 0% පොලියක් සහිතව මාස 60ක් දක්වා කාලයක් ගෙවීමට පහසුකම් සලසා තිබේ. මේ සෑම මිලදී ගැනීමකදීම නොමිලේ ඉයර් බඩ් සහ හෙඩ්ෆෝනයක් ද පිරිනැමෙයි.

සිංහගිරි වෙතින් මාස 60ක් දක්වා ක්‍රෙඩිට්කාඩ් වාරික පහසුකම් සලසා ඇති අතර, ඉන් මාස 24ක් දක්වා 0% පොලියක් අයකරන ආකාරයේ පහසුකමක් සලසා දී තිබේ. මීට අමතරව මාස 18ක් දක්වා පහසු මාසික මුදල් වාරික ගෙවීමේ පහසුකමක් ද KOKO සමඟ ගෙවීම් වාරික තුනකට බෙදීමේ හැකියාව ඇතුළු පහසු ගෙවීම සඳහා විවිධ ගෙවීම් විකල්ප හඳුන්වා දී තිබේ. HP සන්නාමය සහ පරිශීලක අත්දැකීම වඩාත් බාධාවකින් තොරව සිදු කිරීම සඳහා සිංහගිරි විසින් සෑම HP ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමක් සමඟම විශේෂ දීමනා කට්ටලයක් පිරිනමයි. එම කට්ටලයට HP බැක්පැක් එකක්, HP 150 WD USB-A යතුරු පුවරුවක් සහ HP 240 BT මවුසයක් ඇතුළත් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here