බලපත්‍ර රහිතව මෙරට නිපද වූ ගිනිඅවියක් පොලිස් භාරයට

0
5


සේරුනුවර – මහින්දපුර ප්‍රදේශයේ දී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද මෙහෙයුමක දී බලපත්‍ර රහිත ව මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, ඊයේ (20) රාත්‍රී කාලයේ දී දඹගල්ල පොලිසිය විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවයි.

එහිදී යතුරුපැදිකරු සිය යතුරුපැදිය දමා පලා ගොස් තිබෙනවා.

අනතුරුව පොලිසිය යතුරුපැදිය පරීක්ෂා කිරීමේ දී බලපත්‍රයක් රහිත ව තිබූ මෙම ගිනිඅවිය සොයා ගෙන තිබෙනවා.

සැකකරු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here