බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 05 දෙනෙකු මස්කෙළියේදී අත්අඩංගුවට

0
7


බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් පස්දෙනෙකු මස්කෙළිය, බානියන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉරබඩදේල, රත්නපුර සහ වත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

ඔවුන් මැණික් ගැරීමට භාවිත කළ උපකරණද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here