බර අඩුවීමට හේතු සහ බර වැඩි කර ගැනීමට හැකි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම.

0
12


තරබාරුකම හෝ අධික බර නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔබ දන්නවා. ඒ වගේම ඔබේ උසට සරිලන බර මදිවීම නිසා , එසේත් නැත්නම් අඩුබර තිබීම නිසාත් සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔබ දන්නවද ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ වලට අනුව ගෝලීය වශයෙන් මිලියන 462 ක පමණ ජනතාවක් මේ බර අඩු කමින් පෙළෙනවා. බර වැඩි කර ගැනීම සඳහා ඔබට කළ හැකි එකම දෙය ආහාර වැඩිපුර ගැනීම නොවේ. මේ සඳහා ස්වභාවික සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම කිහිපයක්ම තිබෙනවා. අද අපේ ලිපිය ඒ ගැනයි.

බර අඩු වීමට හේතු මොනවාද ?

ඉහල පරිවෘත්තීය

සමහර අයගේ සිරුරු වල පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ මට්ටමක පවතිනවා.මේ නිසා ඔවුන් විශාල කැලරි ප්‍රමාණයක් සහිත ආහාර අනුභව කළත් බර වැඩිවීමේ ප්‍රවණතාවය ඉතා අඩුයි.

ජානමය හේතු

අඩු BMI අගයක් සහිත ජාන සමඟ උපත ලබන අයගේ බර වැඩි වීම බොහෝ වේලාවට සිදුවන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මෙය ආරයට සිදුවෙන අවස්තාද තිබෙනවා.

ඉහළ ශාරීරික ක්‍රියාකාරකම්

දිවීම , පිහිනීම, හෝ ඕනෑම ආකාරයක ක්‍රීඩාවක හෝ ඉහළ මට්ටමේ ශාරීරික ක්‍රියාකාරකම්වල දිනපතා නිරත වන අයගේ බර අනවශ්‍ය ලෙස වැඩි වන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ බර තිබිය යුතු සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවන අවස්ථාද දැකිය හැකියි. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ පරිවෘත්තිය ක්‍රියාවලිය සෑම වෙලාවකම ඉහළ මට්ටමක පවතින නිසා ඔවුන් විවේකීව සිටින අවස්ථාවන්වලදී පවා ශරීරයේ කැලරි දහනය වීමයි.

සෞඛ්‍ය තත්ත්වයන්

සමහර සෞඛ්‍යමය හේතුන් නිසා තාවකාලිකව ශරීරයේ බර වේගයෙන් අඩුවීම සිදුවනවා. උදාහරණයක් ලෙස දියවැඩියාව , ක්ෂය රෝගය හෝ පිළිකා තත්ත්වයන් සහිත අයගේ ශරීරයේ බර ඉක්මනින් අඩුවීම දැකිය හැකියි.

මානසික අව පීඩනය සහ ආතතිය

මානසික අව පීඩනයෙන් සහ ආතතියෙන් පෙළෙන පුද්ගලයන් තුළ ආහාර රුචිය නැති වීම බොහෝ දුරට සිදු වෙනවා. එම නිසා ඔවුන්ගේ බර ඉතා වේගයෙන් අඩු වන අතර මෙවැනි තත්ත්වයන් වලදී අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

බර වැඩි කර ගත හැකි ස්වාභාවික සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රම මොනවද ?

සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට සහ මේද

කාබෝහයිඩ්‍රේට් සහ මේද බහුල ආහාර වේලක් අනුගමනය කිරීම සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩි කර ගැනීමට හොඳම ක්‍රමයකි. කාබෝහයිඩ්‍රේට් ශක්තිය සපයන අතර සෞඛ්‍ය සම්පන්න මේද කැලරි ඝනත්වයකින් යුක්ත වන අතර මේ වර්ග දෙකම එකතු වූ විට ශරීරයේ බර සෞඛ්‍ය සම්පන්නව ක්‍රම ක්‍රමයෙන් වැඩිවීම සිදු වෙනවා.

කාබෝහයිඩ්‍රේට සහ මේද වල සෞඛ්‍ය සම්පන්න ප්‍රභවයන් කිහිපයක් ,

බිත්තර
බත්
සම්පූර්ණ ධාන්‍ය
යෝගට්
ඕට්ස්
අලිගැටපේර
චීස්
වට්ටක්කා සහ සූරියකාන්ත බීජ

වැඩිපුර කැලරි අනුභව කරන්න

දිනකට කැලරි පන්සියයක් වැඩිපුර ආහාරයට ගැනීමෙන් සතියක් තුළදී ඔබේ බර රාත්තලකින් වැඩි වෙන බව ඇතැම් සෞඛ්‍යවේදීන් පවසනවා.එම නිසා බර ආහාර සහ සුළු ආහාර ලෙස දවස පුරාම වැඩි කැලරි සහ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර පරිභෝජනය කරන්න.නමුත් කිසිදු පෝෂණයක් ලබා නොදෙන හිස් කැළරි සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

මේ සඳහා ,

අලිගැටපේර ටෝස්ට්
ප්‍රෝටීන් ස්මූති
පීනට් බටර් ටෝස්ට්
වෝල්නට් බටර් ටෝස්ට්
ධාන්‍ය බාර්
පලතුරු සමඟ ඕට්ස්
පලතුරු සමඟ ඕට්ස්
තම්බා ගත් බිත්තර සමග ටෝස්ට්

ඔබට ආහාරයට ගන්න පුළුවන්.

ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගන්න

සෞඛ්‍ය සම්පන්නව බර වැඩි කර ගැනීමට ඔබට වැදගත්ම වන පෝෂ්‍ය පදාර්ථයක් ලෙස ප්‍රෝටීන් සැලකෙනවා.ඔබේ මාංශ පේශීන් ප්‍රධාන වශයෙන් සෑදී තිබෙන්නේ ප්‍රෝටීන් වලින් වන අතර ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් පරිභෝජනය කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න මාංශ පේශීන් ලබා ගැනීමට හැකිවනවා.

මේ සඳහා ,

බිත්තර
මස් වර්ග
මාලු වර්ග
කිරි ආශ්‍රිත නිෂ්පාදන
ඇට වර්ග සහ බීජ
රනිල කුලයට අයත් බෝග
සම්පූර්ණ ධාන්‍ය

ඔබට පරිභෝජනය කළ හැකියි.

ශාරීරික ශක්තිය වැඩි දියුණු කරගන්න

ඔබේ ශරීරයේ ඇති අතිරික්ත කැලරි මේදය බවට පත් වීම වැළැක්වීම සඳහා ඔබ ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම සිදු කළ යුතුයි.අවම වශයෙන් සතියකට දින හතරක් හෝ පහක් කුමක් හෝ ක්‍රීඩාවක නිරත වීම , ව්‍යායාම මාලාවක් අනුගමනය කිරීම වැදගත්.

නිවැරදිව ජලය පානය කරන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here