බර්ගර් පැටී රෙසිපි 5ක් මේ විදිහට ගෙදරදීම හදාගන්න!

0
13


KFC, බර්ගර් කින්ග් ගිහින් බර්ගර් කනවා වගේ ගෙදරම හදලා කන්න බර්ගර් රෙසිපි ටිකක් තමයි අද කියලා දෙන්න යන්නෙ. ඔයාගේ රස අනුව කැමති විදියකට හදාගන්න මෙන්න මේ රෙසිපි ටික ෆලෝ කරන්න.

 

1. චිකන් බර්ගර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩාගත් පාන් පෙති 3
  2. කිරි කෝප්ප 1/2
  3. කටු ඉවත් කරගත් චිකන් ග්‍රෑම් 500
  4. බිත්තර 3
  5. ගම්මිරිස්කුඩු මේස හැඳි 1
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. සුදුළූණු බික් 3-4
  8. බටර් මේස හැඳි 1
  9. පාන්පිටි මේස හැඳි 3
  10. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  11. අබ පේස්ට් මේස හැඳි 1
  12. බිස්කට් කුඩු ග්‍රෑම් 100
  13. බැදීමට තෙල්

 

  • පාන් වලට කිරි ටික දාලා විනාඩි 5ක් පෙඟෙන්න තියන්න. චිකන් ටික ග්‍රයින්ඩ් කරගන්න.
  • චිකන් එකට පෙඟෙන්න තියපු පාන් ටික දාගන්න. දැන් තව විනාඩියක් වගේ ග්‍රයින්ඩ් කරගන්න.
  • ඒකට බිත්තරයක්, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, රස අනුව ලුණු, සුදුළූණු, බටර්, පාන්පිටි, බේකින් පව්ඩර්, අබ පේස්ට් දාගන්න.
  • දැන් මේ ඔක්කොම තවත් විනාඩි 2ක් වගේ ග්‍රයින්ඩර් එකේ මික්ස් කරලා විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියාගන්න.
  • ෆ්‍රිජ් එකෙන් එළියට අරන් අතේ බටර් හෝ තෙල් ටිකක් ගාගෙන මිශ්‍රණයෙන් බෝල අරන් බර්ගර් පැටී එක හදාගන්න. දැන් මේවා පිටි ඉසගත් ට්‍රේ එකක තියාගන්න. උඩිනුත් පිටි ඉසගන්න.
  • ඊලඟට කෝට් කරගන්න ඕනේ. ඒකට බිත්තර 2ක් කඩලා ගසාගන්න. දැන් පැටී එකින් එක අරගෙන බිත්තර සාරු වල දවටලා බිස්කට් කුඩු තවරගන්න. ඉන් පස්​සේ ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.

 

2. බීෆ් බර්ගර්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 2
  2. චොප්කරගත් සුදුළූණු ගෙඩි 1/2
  3. තෙල් ස්වල්පයක්
  4. බීෆ් ග්‍රෑම් 500
  5. බිත්තර කහමද 2
  6. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  7. ලුණු
  8. පාන්කුඩු ග්‍රෑම් 50
  9. මිරිස්කුඩු තේ හැඳි 1

 

  • පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටික දාගන්න. චොප්කරගත් ළූණු හා සුදුළූණු ටික දාගන්න. හොඳට බැදගෙන ලිප නිවාගන්න.
  • බීෆ් කෑලි කරලා ග්‍රයින්ඩර් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඒකට ෆ්‍රයි කරගත් ළූණු, බිත්තර කහමද 2, ගම්මිරිස්කුඩු, ලුණු, පාන්කුඩු හා මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න.
  • අතේ නොඇලෙන පදමට හදාගෙන පෑන් එකට බටර් ටිකක් දාලා බර්ගර් බෝල අරන් අතින් ෆ්ලැට් කරලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

 

3. ෆිෂ් බර්ගර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1
  2. චොප්කරගත් සුදුළූණු බික් 2
  3. බිත්තර 2
  4. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  5. කහකුඩු ස්වල්පයක්
  6. සූදුරු ස්වල්පයක්
  7. කටු ඉවත් කරගත් තිලාපියා හෝ කෙ​ළවල්ලා මාළු ග්‍රෑම් 500
  8. පාන්කුඩු කෝප්ප 1/4
  9. ලුණු

 

  • මාළු ටික ග්‍රයින්ඩ් කරගන්න. ළූණු වලට සුදුළූණු, බිත්තරයක්, ගම්මිරිස්කුඩු, කහකුඩු, සූදුරු දාලා කලවම් කරගන්න. 
  • දැන් ග්‍රයින්ඩ් කරගත් මාළු ටික ළූණු එකට දාලා කලවම් කරන්න. පාන්කුඩු ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. රස අනුව ලුණු දාගන්න.
  • ඊළඟට මේක බිත්තර සාරු වල දවටලා, පාන්කුඩු තවරලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

 

4. පෝක් බර්ගර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අඹරාගත් පෝක් ග්‍රෑම් 500
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
  4. ප්ලේන් යෝගට් 1
  5. පාන් කුඩු කෝප්ප  1/2
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  9. කොත්තමල්ලි කුඩු ස්වල්පයක් 
  10. ලුණු
  11. තක්කාලි සෝස් ස්වල්පයක්
  12. වූස්ටර්ශයර් සෝස් ස්වල්පයක්

 

  • ග්‍රයින්ඩ් කරගත් පෝක් වලට ළූණු, පාන්කුඩු හා පාස්ලි දාලා කලවම් කරගන්න. ගම්මිරිස්කුඩු, ලුණු, මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු දාලා රස අනුව ලුණු දාගෙන හොඳට මිශ්‍ර කරන්න. 
  • ඊලඟට වූස්ටර්ශයර් සෝස් මේස හැඳි 1ක්, තක්කාලි සෝස් මේස හැඳි 2ක් දාගෙන හොඳට කලවම් කරලා යෝගට් මේස හැඳි 3ක් දාගන්න. දැන් හොඳට කලවම් කරලා අතේ නොඇලෙන බෝල හදාගන්න. අතින් ටිකක් ෆ්ලැට් කරලා තෙල් දාපු පෑන් එකක දාලා හොඳට දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

 

5. වෙජි බර්ගර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1
  2. ග්‍රේට් කරගත් අල ගෙඩි 1
  3. ග්‍රේට් කරගත් කැරට් අල 1
  4. ග්‍රේට් කරගත් සුකිනි ගෙඩි 2
  5. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
  6. ආමන්ඩ් පිටි කෝප්ප 1
  7. ක්‍රීම් චීස් ස්වල්පයක්
  8. මිරිස්කුඩු තේ හැඳි 1
  9. කහකුඩු තේ හැඳි 1/2
  10. ලුණු
  11. ගම්මිරිස්කුඩු

 

  • මුලින්ම ග්‍රේට් කරගත් කැරට්, සුකිනි, අල එකතු කරගන්න. හොඳට කලවම් කරලා වහලා ෆ්‍රිජ් එකේ දාගන්න.
  • ඊලඟට ආමන්ඩ් පිටි වලට ක්‍රීම් චීස්, කහකුඩු, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • කලවම් කරගත් එළවළු පිරිසිදු රෙද්දකට දාල හොඳින් මිරිකල වතුර අයින් කරගන්න. මේකට පාස්ලි, ළූණු, ආමන්ඩ් පිටි මිශ්‍රණය එකතු කරන්න. හොඳට කලවම් කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගෙන බෝල හදලා අතින් පැතලි කරගන්න.
  • තෙල් තවරගත්ත ට්‍රේ එකක සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න.

 

බර්ගර් එක හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. දෙකට කපාගත් බර්ගර් බන් 1
  2. ටොමෑටො සෝස්
  3. තක්කාලි පෙති 2
  4. සලාද කොළයක්
  5. ගර්කින් පෙති 2
  6. මයෝනිස් ස්වල්පයක්
  7. ග්‍රේට් කරගත් ගෝවා ටිකක්
  8. චෙඩාර් චීස් ස්ලයිස් එකක්
  9. ළූණු පෙති 2

 

  • මුලින්ම බර්ගර් බන් එකේ යට කොටස අරන් ටොමැටෝ සෝස් දාගන්න. ඊළඟට තක්කාලි ටික තියාගන්න.
  • ඒකට උඩින් සලාද කොළය දාලා ළූණු පෙති ටික දාලා ගර්කින් පෙති තියාගන්න. දැන් බර්ගර් පැටේ එක තියාගන්න. ඊළඟට ගෝවා ටිකට මයෝනිස් දාලා පැටේ එක උඩින් තියන්න. උඩින්ම චීස් පෙත්ත තියලා අනිත් බන් කොටසින් වහගන්න.

 

The post බර්ගර් පැටී රෙසිපි 5ක් මේ විදිහට ගෙදරදීම හදාගන්න! appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here