බරපතල වැඩ සහිතව එස්.එම්.රංජිත්ට වසර 16ක සිර දඬුවමක්!

0
17


කොළඹ LNW:උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොණු කර තිබුණ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් උක්ත සිර දඬුවම නියම කර ඇත.

එස්.එම්.රංජිත් මහතා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් එම නඩුව පවරා තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here