බම්බලපිටිය සිරි වජිරාරාමය විහාරස්ථානයේ කඨින පූජෝත්සවය මෙම මස 11 සහ 12 යන දෙදින පැවැත්වේ.
මෙවර සිරි වජිරාරාමය විහාරස්ථානයේ කඨින පිංකමට විශාඛා විද්‍යාලය අනුග්‍රහය දක්වයි. කඨින චීවරය 11 වැනිදා දක්වා විශාඛා විද්‍යාලයේ තැන්පත් කර තිබෙන අතර සවස 1.30 සිට සවස 6.00 දක්වා වන්දනා කළ හැක. එම අනුග්‍රහයත් සමග කඨින පෙරහැර අංග රැසකින් වර්ණවත් කිරීමට පියවර ගෙන ඇත.
ඔක්. 11 දින ප.ව. 5.00ට බුද්ධ පූජාව, බෝධි වන්දනාව, ප.ව. 7.00ට සෙත් පිරිත් සජ්ඣායනාව ද 12 දින අලුයම 4.00ට විශාඛා පාසල අසලින් කඨින පූජා පෙරහැර ආරම්භ වන අතර උදෑසන 6.00ට කඨින චීවරය සඟසතු කොට පිදීම සහ හීල් දානය ද සවස 5.00ට සම්බුද්ධ පූජාව, වස් ආවාසික චීවර පූජාව සහ කඨිනානිශංස ධර්ම දේශනාව ද පැවැත්වේ.
විශාඛා විද්‍යාලය, සිරි වජිරාරාම කාර්යසාධක සමිතිය, සිරි වජිරාරාම ශාසන සාවිකා සමිතිය සහ සිරි වජිරාරාම දහම් පාසල මෙම පිංකම් මෙහෙයවයි.
Saru FM Media