බබාට හදිසියේ වමනයක් ඇති වුණොත්??

0
17


වමනය කියන්නේ අපි කාටත් එතරම් ප්‍රසන්න අත්දැකීමක් නෙවෙයි .නමුත් වමනය ඇති වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන් .එය රෝගයක් නොවුණත් කිසියම් රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවා ද ? ඒ වගේ ම එහි ස්වරූපය වමනය කරන ද්‍රව්‍ය වයස පවතින කාලය අනුව වෙනස් වෙන්න පුළුවන් . ඒ වගේ ම දරුවන් වමනය කරන්නේ ඇයි කියලත් බොහෝ විට දෙමාපියන්ට ගැටලුවක් වෙනවා .ඒ වගේම බය වෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු.

මෙන්න මේවා වමනයට හේතු වෙන්න පුළුවන්
ආමාශයේ අන්තර්ගත කිසියම් දෙයක් කට තුලින් එළියට එන එක තමයි වමනය කියලා අපි කියන්නේ .කුඩා වැඩිහිටි භේදයකින් තොරව වමනෙට විවිධ හේතු ඇති වෙන්න පුළුවන් .

කුඩා දරුවන්ට වමනය ඇති වූ විට සාමාන්‍යයෙන් බොහෝ විට කුඩාම දරුවන්ට නම් අධික කිරි බිවු විටත් වමනය ඇති වෙනවා.ඒ වගේම දරුවාගේ වමනය ගැන අප සැලකිලිමත් වෙන්න අවශ්‍යයි . සමහරවිට ඔබ නොදැනුවත්වම දරුවා වැටීමට ලක් වී තිබෙන්නටත් පුළුවන්.දරුවාට වමනය සමඟ උණ ඇත්නම් , ක්‍රියාශීලී නොවේ නම්, වඩාත් සැලකිලිමත් විය යුතුයි. දරුවා විචලනය වීමට ඇති ඉඩ වඩාත් වැඩි නිසා ඉක්මනින්ම ප්‍රතිකාරයකට යොමු වීම කළ යුතුයි.නිවසේදී ජීවනි තැඹිලි ග්ලූකෝස් වැනි දේවල් ලබා දෙන්නට පුළුවන්.

කිරි බොන කුඩා දරුවන් නෙවෙයි තරමක් වැඩුණු දරුවන්ට මේ ප්‍රතිකාර කරන්නට පුළුවන්.

වසර තුනකට අඩු කුඩා දරුවන්ට මෙම අත් බෙහෙත් අත් හදා නොබැලීම කළ යුතුයි .

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here