බබාට සෙල්ලම් බඩු ගද්දී මේ ගැනත් හිතන්න…

0
12


දරුවෙක් වෙනුවෙන් සෙල්ලම් බඩුවක් මිළට ගැනීමට වෙළඳපොලට යන අපිට ඒ ගැන හිතන්න බොහෝ දේවල් තිබෙනවා. මෙහිදී අපේ හිතට මුලින්ම නැගෙන පැනය වන්නේ අපි මිලට ගන්නා සෙල්ලම් බඩුවට දරුවා කැමැති වෙයිද යන්නයි. ඒත් එය එක් ප්‍රශ්නයක් පමණයි. ඒ වගේම සෙල්ලම් බඩු මිළට ගන්නා විට හිතන්න තවත් බොහෝ දේ තිබෙනවා.

දරුවන්ට ලබා දෙන සෙල්ලම් බඩු නිසා ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට අවදානමක් ඇති වෙනවා නම් අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත් .බැටරි සහිත සෙල්ලම් බඩු දරුවාට දිය යුතුම නැහැ. එක් පවුලක දරුවෙක් තමාගේ පාවහන් යුගලයේ තිබුන ශබ්ද නගා එලිය දැල්වෙන උපාංගයේ තිබූ කුඩා බැටරියක් ගිලීම නිසා දරුණු අන්දමින් රෝගාතුර වුණා. තවත් එක් වාර්තාවකට අනුව සෙල්ලම් ටෙලිෆෝනයේ තිබුන බොත්තමක් ගලවා ගෙන නහයේ දමා ගැනීම නිසා අවසානායේදී ශල්‍ය කර්මයකට පවා භාජනය කිරීමට සිදු වුණා.  ‍ඒ වගේම ලෝම සහිත සෙල්ලම් වලසුන් වැනි දේ දරුවන්ගේ ශ්වසන ආබාධයන්ට හේතු වෙනවා . මේ නිසා නිතරම දරුවන්ට සෙල්ලම් බඩු මිළට ගන්නා විට එහි ඇති විපාක  සහ අනතුරු ගැන සලකා බලන්න.

දරුවෙක් වෙනුවෙන් මිළට ගන්නා සෙල්ලම් බඩු සදාකාලික ලෙසින් පැවැත්මක් නැතැත් එය දරුවාට නිදහසේ පාවිච්චි කළ හැකි අන්දමින් නිර්මානය වී තිබීම ඉතාම වැදගත්. හා..හා..කැඩෙයි…බි‍‍ඳෙයි කියනවාට වඩා ඉතාම නිදහසේ හැසිරවිය හැකි සේ ලී වැනි දෙයකින් මෙම නිර්මානයන් නිමාවී තිබේ නම් වඩාත් යෝග්‍යයි.

ඔබ දරුවාට ලබා දෙන සෙල්ලම් බඩුව ඔහුට ක්‍රියාකිරීමට හැකි වන සේ නිර්මානය වී තිබේදැයි බලන්න.වැඩිහිටියෙකුටවත්  එම සෙල්ලම් බඩුව ක්‍රියාකරන ආකාරය තෝරා බේරා ගැනීම අපහසු නම් දරුවා මෙම සෙල්ලම් බඩුවෙන් අපහසුතාවයට පත් වෙනු මිසක තෘප්තියක් නොලබනු ඇත. අපේ අපේක්ෂාව වන්නේ කිසියම් වැය බරක් දරා දරුවාගේ සිතට සතුටක් ඇති වෙන සේ ක්‍රිඩා භාණ්ඩයක් ලබා දීම නම් එම අරමුණ මෙතැනදී ඉටු වන්නේද යන්න සැක සහිතය.

කුඩා කාලයේ දරුවාට ලබා දෙන ක්‍රීඩා උපකරණ මගින් ඔවුන්ගේ නිර්මානශිලිත්වය වර්ධනය වන්නේද යන්න ගැනත් අපි සිතීම වැදගත්. මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වා දෙන අන්දමට දරුවෙක් වෙනුවෙන් සෙල්ලම් බඩු තෝරා ගැනීමේදී ඔබට මෙම උපකරණ ගැනත් අවස්ථාව ලබා දෙන්න.

කායික වර්ධනය වෙනුවෙන්

ඇස්, කන්, රස, සුවඳ  උත්තේජනය වෙනුවෙන්

නිර්මාන ශක්තිය වෙනුවෙන්..

සමාජ සම්බන්ධතාවයන් වෙනුවෙන්

ගවේෂනාත්මක හැකියාවන් වර්ධනය වෙනුවෙන්

ඥානාත්මක කාර්යයන් වර්ධනයට

දරුවන් සෙලල්ම් කරන විට ඔබ කිසිම දිනක ඔවුන්ට බාධාවක් නොවන්න. සෙල්ලම් කරන දරුවන්ට ස්වාධීනව සෙල්ලම් කිරීමට ඉඩ සලසා දීම ඉතාම වැදගත්. කේමබ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ( ඩේලි මේල්) “ඩේවිඩ් වයිට් බ්‍රෙඩ්” සඳහන් කරන අන්දමට දරුවන්ගේ ළමා ලෝකය ඉතාම සුන්දරයි. බොහොම විසිතුරුයි. විසිතුරු ලෝකයේ මැවෙන නිර්මානශීලි අදහස් වෙනුවෙන් අපි මැදිහත් විය යුතු නැහැ. වැඩිහිටියන් මැදිහත් වුනාම දරුවන්ගේ නිර්මානශිලිත්වය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ.දරුවන් සෙල්ලම් කරන විට ඔබ ඔවුන්ගේ දෙබස් අසා සිටින්න. ඔවුන් මොන තරම් නිර්මානශීලීද යන්න ඔබටත් සිතෙනු ඇති. එහෙත් ඔබ ඔවුන්ට මැදිහත් වුනොත් කිසිම ලෙසකින් මේ විවෘත අදහස් ඔවුන් වෙතින් පිලිඹිමු නොවනු ඇත.

අපේ වැඩිහිටියන් දරුවන්ගේ සෙල්ලම් වෙනුවෙන් බාධා පමුණුවන්නේ ඔවුන්ට අනතුරක් වෙතැයි යන බිය නිසා බව ඇත්ත.සරුංගල් කාලයට විදුලි සැර වැදිලා..ඔන්චිල්ලාවේ ලණුව පැටලිලා..මේ විදිහට වෙන අනතුරු ගැනත් අවධානයෙන් සිටීම වැදගත්. එහෙම නැතුව සෙල්ලම් කඩයක්..වැලි බත් ඉවීම..වැනි කටයුතු දැක්කාම මහ අපරාධයක් විදිහට කෑ ගැසීම වැරදියි. ඉස්සර කාලයේ අද වගේ වෛවාරන දේ නොතිබුනත් දරුවන් සෙල්ලම් බත් පිසින විට අම්මා තමන්ගේ මුලුතැන්ගෙයින් පොල්කුඩු, කැපෙන එලවළු ලබා දුන්නා. පොල්පිත්තෙන් ගොනුන් කපා දෙන්න, පැපොල් බටෙන් නලා හදන්න, කුරුම්බා ඇට්ටියෙන් මැෂින් හදන්න වගේකටයුතු වලින් දරුවන්ගේ සෙල්ලමට අප්පච්චි සහය දුන්නා මිස ඒවාට සෘජු විදිහට මැදිහත් වුනේ නැහැ.එලිමහන් පරිසරයක ඉතාම නිදහසේ දර්ශණීය පරිසරයක සෙල්ලම් කරන විට දරුවන් අනාගතයේදී තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය හැකියාව ගොඩ නගා ගන්නා බව මෙම අධ්‍යනයේ සහය කර්තෘ කොලරාඩෝ මානසික සහ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය “යුකෝ මුනකාටා” සඳහන්  (ඩේලිමේල්) කර සිටිනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here