ඔබේ පුංචි දරුවා නින්දෙන් ගොරවනවා නම්..එහෙම නැත්නම් රාත්‍රි නින්දෙන් හුස්ම ගැනීමේ අපහසුවෙන් විටින් විට අවදි වෙනවා නම්…ඔබ මෙතෙක් ඒ ගැන සැලකිලිමත් වුනේ නැත්ද..? මේ ගැන අදහස් ඉදිරිපත් කළේ මහනුවර ජාතික රෝහලේ කණ, නාසය, උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.සෙල්වරත්නම් මහතා..
ටොන්සිල් එහෙම නැත්නම් “සෙම්ගෙඩි ” යනුවෙන් හැඳින්වෙන්නේ උගුරේ පිටුපස ඇති පටකවල ගැටිතියි. මේවා උගුර දෙපැත්තේ පිහිටා තිබෙනවා. Adenoid කියන්නේ නාසික කුහරයේ පිටුපසින් පිහිටි පටකවල කොටසක්. ඇඩිනොයිඞ් වගේම සෙම්ගෙඩි වසා පද්ධතියේ කොටසක් .ඇඩිනොයිඞ් සාමාන්‍යයෙන් වයස අවුරුදු පහක් පමණ වයසකදී හැකිලී යන අතර දරුවාගේ වර්ධනය සමග නැති වී යනවා.
පුංචි දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වුනාම සෙංගෙඩි විශාල වීම නිසා නාසය හිර වෙන්න පුලුවනි. මේ රෝග තත්වය Adenoid hypertrophy යනුවෙන් හැඳින්වෙනවා.
Adenoid විශාල වීම නිසා ඇති වෙන අපහසුතාවයන්..
දරුවෙකුගේ උගුර ආශ්‍රිතව සෙම් ගෙඩි ඇති වීම බැක්ටීරියා නිසා වගේම වෛරස නිසාත් ඇති වෙන්න පුලුවනි. මේ උගුර ආශ්‍රිතව සෙම්ගෙඩි ඇති වෙන්නේ Streptococcus pyogenes බැක්ටීරියාව නිසයි. වෛරස තත්වයක් නම් සාමාන්‍ය ඖෂධීය ප්‍රතිකාර ලබා දෙනවා.බැක්ටීරියාවක් නම් ඒ වෙනුවෙන් Antibiotic හෙවත් ප්‍රතිජීවක ලබා දීමට සිදු වෙනවා.
සෙම්ගෙඩි ඇති වීමට හේතු
ළදරු පාසල් යන විට සම වයස් කණ්ඩායම්වලින් රෝගය බෝ වෙන්න පුලුවනි. විශේෂයෙන් බිඳිතිවලින් බෝ වෙන්න පුලුවන් නිසා මුව ආවරණ පැළඳීම ඉතා වැදගත්.
බැක්ටීරියා නිසා ඇති වෙන සෙම්ගෙඩි සමග ඇති අතුරු ආබාධ…
සෙම් ගෙඩි තත්වය දිගින් දිගටම ඇති වෙනවා නම් එය නොසලකා සිටිය යුතු නැහැ. සෙම් ගෙඩි නිසා දරුවාට විවිධ රෝග තත්වයන් ඇති වෙන්න පුලුවනි.
සෙම්ගෙඩි නිසා ඇති වෙන සන්ධි ප්‍රදාහය නිසා ඇති වෙන රුමටික් ආත්රයිටිස් (Rheumatic- arthritis) සහ රුමටික්උණ (Rheumatic-Fever) වැනි රෝග තත්වයන් ඇති වෙනවා.
මේ නිසා කිරීටක ධමණීන්ගේ අවහිරතාවයන් ඇති වීමේ අවදානමක් තිබෙනවා. එය Cardities යනුවෙන් හැඳින්වෙනවා.
ඒ වගේම දරුවන්ගේ වකුගඩුවලටත් සෙම්ගෙඩි නිතර නිතර ඇති වීමේ බලපෑම දැඩි විදිහට බලපාන්න පුලුවනි. වකුගඩු ආශ්‍රිතව ඇති වෙන මේ රෝග තත්වය Aquceet Nephritis යනුවෙන් හැඳින්වෙනවා.
වකුගඩුවල සංකුලතාවයන් ගැන දැන ගන්නේ…
සෙම්ගෙඩි ඉවත් කිරීමේ ශල්‍ය කර්ම…
සෙම්ගෙඩි වෙනුවෙන් සිදු කරන ඖෂධීය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබෙනවා නම් වගේම නිතර නිතරම ආසාදනය වෙනවා නම් සෙම්ගෙඩි ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කරනවා.
ඒ අවස්ථාවේදී adinoid ඉවත් කරන්න පුලුවනි.
adinoidඉවත් කිරීම නිසා දරුවාට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ.මෙය ප්‍රතිශක්තියට බාධාවක් කිව්වත් දරුවාගේ ඇඩිනොයිඞ් ග්‍රන්ථිය විශාල වීම නිසා විවිධ
adinoid ඉවත් කිරීමෙන් දරුවාට වාසි බොහොමයක් ලැබෙනවා..
ඒ නිසා ඔබේ දරුවා නිරන්තරව සෙම්ගෙඩි රෝග තත්වයට ගොදුරු වෙනවා නම්…එහෙමත් නැත්නම් රාත්‍රි නින්දෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට පත් වෙනවා නම් ඒ ගැන නොසලකා සිටින්න එපා.
මහනුවර ජාතික රෝහලේ කණ, නාසය, උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.සෙල්වරත්නම් මහතා
Saru FM Media