බබාට බත් කවමු… කොහොමද ඒක කරන්නේ…?
අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නේ. ඉතින් චූටි බබාට මුලින්ම කෑම පටන් ගන්නකොට දෙන්න කියන්නෙත් බත්. ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ මම කොහොමද මගේ පැටියට බත් ආරම්භ කරලා වයසත් එක්ක ටික ටික ඒ බත් තලපය බබාට ආස වෙන විදියට වෙනස් කර ගත්තේ කියල.
බත් අපි දෙන්නේ ප්‍රධාන ආහාර වේලක් විදියටනේ. බබාගේ වර්ධන සටහන් පොතේ බබාට බත් කන්න දෙන්න ඕන ප්‍රමාණ වයසත් එක්ක දාලා තියෙනවා පැහැදිලිව. ඔයාලට ඒක මතක් කරලා දෙන්නම් මම මෙතන සාරාංශයක් විදියට.
මම නැවතත් ඕගොල්ලොන්ට ආදරයෙන් මතක් කරනවා “බබාගේ වර්ධන සටහන් පොත” හොඳින් කියවන ලෙස. ඉහත වගුවේ ඉතා කෙටියෙන් දක්වා ඇති කරුණු ඔබට වඩා විස්තරාත්මකව එම පොතෙන් බලා ගන්න පුළුවන්.
හරි…. දැන් මම කියන්නම් මේ උපදෙස් අනුව මගේ බබාට මුල් අවුරුද්ද ඇතුළත බත් විවිධ ආකාරයෙන් සාදා ගත් අන්දම. මෙහිදී බබාගේ වයස අනුව බත්වලට එකතු කර ගන්නා දේවල් තීරණය කර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔබට. එම වයස් සීමාවන් ගැන හෝ වෙනත් මේ ලිපිය සම්බන්ධ ඕනෑම කරුණක් ගැන වැඩි දුරට දැන ගැනීමට අවශ්‍ය නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න.
මූලිකව අපි බබාට දෙන බෙරි බත් තලපය මම සාදා ගත් ආකාරය මගේ “බබාට කෑම හදමු” ෆේස්බුක් පිටුවේ පින්තූර සහිතව පැහැදිලි කර තියෙනවා. එම පෝස්ට් එකේ ලින්ක් එක මෙහි ඔබ සැමගේ පහසුවට මම සඳහන් කරන්නම්.
Link : බබාට කෑම හදමු
මම නම් බබාට දුන්නේ රතු කැකුළු සහල්. තවත් ඉතා ගුණවත් දේශීය සහල් වර්ග තියෙනවා බබාලට දෙන්න සුදුසු සුවඳැල්, කහවනු, පච්ච පෙරුමාල්, කුරුලුතුඩ ඒවායින් සමහරක්.
දැන් අපි බලමු බබාට බත් විවිධ ආකාරයෙන් සකසා දිය හැකි ආකාර. මට පුළුවන් මගේ අත්දැකීම් අනුව මේවා ප්‍රධාන ක්‍රම 3 කට වෙන් කරලා පෙන්වන්න.
මෙන්න උදාහරණ කීපයක් :-
බලන්න, ඉහත ආකාර සියල්ලම සැලකුවාම විවිධ රසවලින් යුතු බත් සාදා ගන්න පුළුවන් නේද?
පෝෂණීය සමබර බත් වේලකට අඩංගු වෙන්න ඕනා ප්‍රධානම ආහාර කාණ්ඩ දැන් ඔබට පැහැදිලි ඇති. මම මූලිකවම හිතේ තබා ගත්තේ මේ ආකාරයටයි.
මේ මූලික දේවල් සියල්ලම නිසි වයසේදී ප්‍රධාන ආහාර වේලකට දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. නමුත් බබාලා ටික ටික ලොකු වෙන කොට කෑම ප්‍රතික්ශේප කරන අවස්ථා එනවනේ. ඒ වගේ වෙලාවල්වලට මේ ආහාර වර්ග ටික ටික එහා මෙහා කරමින්, බබා කැමති රස ඉස්මතු කරමින් බත් එක සාදා ගන්න උනන්දු වෙන්න.
ඉහතින් සඳහන් කළ මූලික ආහාර වර්ග සඳහා උදාහරණ කිහිපයක් ද මම සඳහන් කරන්නම්, ඔබේ පහසුවට.
මෙලෙස ධාන්‍ය ඇට ලෙසද, පිටි ලෙස ද භාවිතයට අමතරව ධාන්‍ය පැල කර මුල් අද්දවා ආහාරයට එකතු කිරීමද කරන්න පුළුවන්. ධාන්‍ය ඔබට අවශ්‍ය ප්‍රමාණය හොඳින් සෝදා දවසක් වතුරේ පෙගෙන්න තිබ්බාම ඒවායෙහි මුල් ඇදීම සිදුවෙනවා. ඒවා බත් එකට එකතු කර කෙලින්ම උයා ගන්න පුළුවන්. වැඩිපුර සාදා ගත්තොත් ශීතකරණයේ තබා දින කීපයක් කල් තබා ගැනීම කර ගන්න පුළුවන්. මේ දිනවල සුපිරි වෙළඳ සැල්වල පැල කරන ලද මුං ඇට එහෙම ගන්න තියෙනවා. ඒත් මේවා ගෙදරම සාදා ගැනීම එච්චර දුෂ්කර කාර්‍යයක් නෙවෙයි.
මස් නම් කුකුළු මස් මුලින්ම හඳුන්වා දීම සුදුසුයි. අනෙක් මස් වර්ග දෙනවා නම් බොහොම කල්පනාවෙන් ටිකෙන් ටික හඳුන්වා දෙන්න. මොකද ගොඩක් මස් වර්ගවලින් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මම දුන්නේ නම් කුකුළු මස් පමණයි. ඒත් සතියකට හෝ දෙකකට වේලක් හෝ දෙකක් පමණයි. අද කාලේ නැවුම්, වස විස නැති කුකුල් මස් සොයා ගැනීමට හරි අපහසු නිසා. කාබනික (organic) මස් ලැබෙයි නම් නිතරම වුවත් බබාගේ බත් එකට එකතු කළාට කමක් නැහැ.
මාළු විදියට තෝරා, පරා, මී වැටි, තලපත් වගේ සුදු මාළු දෙන්න පුළුවන්. බබා ලොකු වෙද්දී අවශ්‍ය නම් කෙලවල්ලා, ඉස්සා, දැල්ලා වගේ මාළු ටිකෙන් ටික හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම දීපු අම්මලා ඉන්නවා. නමුත් මම නම් තාම ඉස්සා, දැල්ලා නම් දීලා නැහැ. මොකද ඒවා ටිකක් ආසාත්මිකතා ඇති කරන මාළු වර්ග නිසා.
බිත්තර නම් මුලින්ම කහ මදයෙන් පටන් අරන් මාස 10 වගේ වෙද්දී සම්පූර්ණ බිත්තරයක්ම දෙන්න මම කටයුතු කළා.
හාල්මැස්සෝ කරවල – බඩවත් අයින් කර, ඔළුව සමග හාල්මැස්සෝ අරගෙන, හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා හොඳට කුඩු කර ගත්තාම කෙලින්ම බත් එකට එකතු කරගන්න පුළුවන්. කටු නැතිවෙන්න හොඳින් කුඩු කරගන්න වග බලා ගන්න. මේවත් හොඳින් බෝතලයක අසුරලා කල් තබා ගන්න පුළුවන්.
(පීකුදු දෙන්න නියම කර තියෙන කෑමක් වුනත් මම ඒවා දුන්නේ නැහැ. කුකුළු අක්මාවේ වස විස බොහෝ රැඳෙන්න ඉඩ තිබෙන නිසා)
බලන්න .. ඕගොල්ලොන්ට පේනවා ඇති බත් (හෝ සහල්) ආශ්‍රය කරගෙන විවිධ විදියේ රසවලින් යුත් කෑම වර්ග ගණනාවක් සාදා ගන්න පුළුවන් නේද කියලා. කාගෙන්වත් අහ අහා ඉන්න අවශ්‍ය නැහැ. නිර්මාණශීලීව සිතීම පමණයි කරන්න ඕන. ඒකට අම්මලා දක්ෂ වෙන්න ඕන.
මම අවසාන වශයෙන් ඔයාලාට, බබාලට බත් ආහාරය සකස් කිරීමේදී වැදගත් වන ඉඟි (TIPS) කිහිපයක් කියන්නම්. ඒවා හොඳින් හිතේ තියා ගෙන බබා ගේ බත් එක සකස් කර ගන්න.
උදා :- තෙම්පරාදුවක් දැමීමෙන්, ඇපල්/පෙයාස්/මිදි/නාරන්/කෙසෙල් වැනි පලතුරක් එකතු කිරීමෙන්, තල/රුලන් වගේ දෙයක් බැදලා තෙම්පරාදුවක් දැමීමෙන්, යෝගට්/මීකිරි/චීස් වැනි දෙයක් එකතු කිරීමෙන්
මගේ “බබාට කෑම හදමු – Lets make Baby Food” පිටුවට පිවිසිලා මම මගේ බබාට සාදා දුන් බත් වර්ග ගැන වැඩි විස්තර පින්තූර සහිතව බලා ගන්න ඔයාලට පුළුවන් (https://www.facebook.com/pg/umibabyfoodblog)
මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණින් ආවරණය කරන්න උත්සාහ ගත්තත් සමහර කරුණු මග හැරී තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.
උමන්දා මුතුකුඩආරච්චි මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .
Saru FM Media