බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත්

0
11


බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (28) නිරීක්ෂණ චාරිකාවකට එක්වෛමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

බන්ධනාගාරවල පවතින සිරකරුවන්ගේ තදබදය අවම කිරීම,බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව, සිරකරුවන්ගේ හා නිලධාරීන්ගේ සුභ සාධනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා ,

“වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින ගැටළු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

සිරකරුවන්ට පවතින ගැටළු, ඔවුන්ගේ පුනරුත්ථාපන කටයුතු පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.

මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවියන්ට පවතින ගැටළු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කළා.

ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට පවතින නීතීවලට අනුව සමාලෝචන ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරනවා.

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ සිරකරුවන්ගේ අධික තදබදයක් තිබෙනවා.

එම අධික තදබදය සඳහා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම් හා පරිපාලනමය ගැටළු බලපා තිබෙනවා.

මේ ගැටළු සඳහා කිසිවෙකුට දොස් පැවරන්නේ නැහැ.

බන්ධනාගාර තදබදය අවම කිරීමට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්ති තීන්දු පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවා.

එම තීන්දු හැකි ඉක්මනින් ගැනීමට කටයුතු කරනවා.

බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවල රාජකාරී සිදු කරන නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන රාජකාරී කිරීමේදී පවතින අපහසුතා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here