Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් බදු ගෙවීමට TIN අංක ලියාපදිංචිවූවන් මිලියන 10 දක්වා ඉහළට

බදු ගෙවීමට TIN අංක ලියාපදිංචිවූවන් මිලියන 10 දක්වා ඉහළට

0
8


payment-of-taxes-up-to-10-million-tin-registrants

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් මිලියන 10ක් බදු හඳුනාගැනීමේ අංක සඳහා ලියාපදිංචි වී ඇති අතර තවත් මිලියන 7ක් ලියාපදිංචි වී නොමැති බව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10ක් පමණ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සඳහා ලියාපදිංචි වී ඇති බවයි.
කෙසේ වෙතත්, තවමත් පිරිසක් මේ සඳහා ලියාපදිංචි වීම තවම සිදුකර නැති බවයි.
තවත් ශ්‍රී ලාංකිකයන් මිලියන 7ක් පමණ තවමත් ලියාපදිංචි වී නොමැති බව ඔහු අනාවරණය කළේය.
2023 මැයි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව TIN ලබා ගැනීම අනිවාර්ය බවට පත් වූ බව ශාන්ත මහතා පැවසීය. තවද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතිය හරහා ලියාපදිංචි වන ලෙස ඔහු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරියේදී බැංකු තැන්පතු, වාහන ලියාපදිංචි කිරීම්, ඉඩම් ගනුදෙනු සහ ව්‍යාපාරික කටයුතු වැනි ක්‍රියාකාරකම් සඳහා TIN අංක අවශ්‍ය වනු ඇති බවද ඔහු නිවේදනය කළේය.
මෙම නව නියාමනය මගින් බදු පාලනය සහ මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරන අතර, අනාගතයේදී ආර්ථික ගනුදෙනු සඳහා TIN අංකය අත්‍යවශ්‍ය හඳුනාගැනීමේ අංකයක් බවට පත් වනු ඇත.
මෑතක සිට බැංකුවල ‘විත් හොල්ඩින්’ බදු ලබාගැනීම සඳහා මෙම අංක ඉල්ලා සිටින බැවින් පුරවැසියන් වැඩි වැඩියෙන් මෙම අංක ලබාගැනීමට උනන්දුවී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here