බදු ආදායමින් දේශීය වෛද්‍යවරුන්ගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද අඩුපාඩු නැති කළ හැකියි

0
1

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොල්දූව මංසන්ධියේ
උද්ඝෝෂණයට එක්වෙමින් කියයි

වත්මන් රජය අයිඑම්එෆ් කොන්දේසිවලට එහා ගොස් බදු පටවා විශාල ආදායමක් උත්පාදනය කර ඇති නිසා මේ දේශීය වෛද්‍යවරුන්ගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද අඩුපාඩු නැති කළ හැකි බවත් මෙවර සෞඛ්‍ය අයවැය දෙස බලන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය බිලියන 654ක් වෙන්කර ඇති මුත් ඒ අතරින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට බිලියන 6ක් බවත් අපේකම ගමේකමඉපැරණි ශිෂ්ටාචාර ගැන මැතිවරණ කාලයේ කයිවාරු ගැහුවත් බලය ලබාගත්තට පසු ඒ සියල්ල අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (23දා) පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේදී දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් පැවැත්වූ උද්ඝෝෂණය සඳහා එක්වෙමිනි. මෙම අවස්ථාවට එක්වූ ඒමහතා ඔවුන්ගේ ගැටලු‍ සොයා බැලීය.

මෙම වෙන් කළ ප්‍රතිශතය 5%ක් දක්වා වැඩි කළ යුතු බවත් එය ඉටු කිරීමට සමගි ජන බලවේගයට කළ හැකි උපරිම බලපෑම සිදු කරන බවත් අමතර සේවා දිමනාව මාසකට පැය 20ක් මාස 4ක් ලැබුණත් දැන් මේ රජය එයත් නැති කර ඇති බවත් එම කප්පාදුවට හේතු ඉදිරිපත් කරන ලෙසත් මේ රජය අයිඑම්එෆ් එකේ පදේට නටන නිසා මොවුන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි සිතෙන බවත් ජනාධිපතිට මේවා ගැන කෙළින් කතා කරන්න කොන්දක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here