බදුල්ල නගර මධ්‍යයේ දී පුද්ගලයෙකුට මන්නා පිහි පහ‍රක් – කැපුම් තුවාල 30කට අධිකයි

0
2


සොහොයුරන් දෙදෙනකු අතර දිගු කලක සිට පවතින ආරවුලක් මුල් කරගනිමින් අද (20) පස්වරුවේ එක් සොහොයුරෙකු තම අනෙක් සොහොයුරා වෙත මහා මාර්ගයේ පිහිටි පදික වේදිකාවක දී තියුණු ආයුධයකින් අමානුෂික ලෙස පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම බදුල්ල නගරයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට ඇති රටබීම හලක් ඉදිරිපිටදී සිදු ව ඇත්තේ පස්වරු 03ට පමණ වන බවයි.

සැකකාර පුද්ගලයා මන්නා පිහියක් ගෙන තම සොහොයුරාට අමානුෂික අන්දමින් ජනයා බහුල ව ගැවසෙන මෙම ප්‍රදේශයේ දී කපා කොටා තුවාල සිදු කර තිබෙනවා.

කැපම් තුවාල බරපතළ බැවින් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තුවාලකරු කඩිනමින් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ සිරුරේ කැපුම් තුවාල 30කට අධික ප්‍රමාණයක් දක්නට ලැබෙන බවත් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

පහරදුන් සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ මහත් පරිශ්‍රමයෙන් අල්ලාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පැවසෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here