බදුල්ල – කොළඹ තැපැල් දුම්රියට පස් ගල් පෙරළී පීලි පනී

0
4

බදුල්ලේ සිට කොළඹ දක්වා 18 දා රාත්‍රී ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට පස් කන්දක් සහිත විශාල ගල් කිහිපයක් පෙරළීමෙන් එම දුම්රියේ එන්ජිම පීලි පැන ඇති නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසීය.

ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි දුම්රිය උමං මාර්ගය ආසන්නයේ දී 18 වැනිදා රාත්‍රි 8:30ට පමණ පැවති වර්ෂාවත් සමග විශාල පස් කන්දක් සහිත ගල් කිහිපයක් දුම්රිය එන්ජිමට කඩා වැටීම නිසා දුම්රිය එන්ජිම පීලි පැන තිබේ.

දුම්රියේ එන්ජිමේ මගී ප්‍රවාහන මැදිරි හපුතලේ දක්වා රැගෙන ගිය බවත්, දුම්රියට කඩා වැටුණු ගල් ඉවත් කර පීලිපැන ඇති දුම්රිය එන්ජිම පීලි ගත කිරීමට නානුඔය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ නිලධාරීන් සහ සේවකයින් එම ස්ථානය කරා යොමු කර ඇති බවත් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා කියා සිටියේය.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්වන තෙක් කොළඹ කොටුවේ සිට ධාවනය වන සියලුම මගි ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට කටයුතු කර ඇත.
නුවරඑළිය නාලක රත්නායක, හපුතලේ බුවනක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here