බදාදා දුම්රිය ධාවනය සිදු වන්නේ ඉරිදා දිනයක වගේ – Saru News | සිංහල

0
3

මේ වනවිට ලෝකයම මුහුණ දෙමින් සිටින ඉන්ධන අර්බුදය මෙරට තුළ කලමණාකරණය කර ගැනීම සඳහා බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා ඉදිරි සෑම බදාදා දිනකම දුම්රිය ධාවනය ඉරිදා දිනයක් ලෙස සළකා ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉදිපොළගේ පවසයි.

ඒ අනුව බදාදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම අවලංගු කරන තෙක් සෑම බදාදා දිනකම සාමාන්‍ය දුම්රිය ගමන්වාර රැසක් ධාවනය නොකරන බව ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බදාදා රජයේ නිවාඩු දිනයක් වීම නිසා මගීන්ගේ සංඛ්‍යාව අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here