බත් වර්ග සමඟ පිළිගැන්විය හැකි ඇපල් කරිය

0
20


විවිධ රෙසිපි වලට විවිධාකාර බත් වර්ග සකසන්න අද ගෘහණියන් බොහෝ උනන්දුයි. ස්මාර්ට් ලේඩි වෙබ් අඩවිය හරහා අපිත් ඔබට විවිධ බත් වර්ග හඳුන්වා දී තිබෙනවා. එවැනි බත් වර්ග සමඟ හොඳින් ගැළපෙන කරියක් තමයි ඇපල් කරිය.
අවශ්‍ය දේවල්:
  • කොළ පාට ඇපල් ගෙඩි හතරක්
  • රතු ළූණු ගෙඩි කිහිපයක්
  • සුදු ළූණු ගෙඩියක්
  • අමුමිරිස් කරල් කිහිපයක්
  • බැදගත් මිරිස් කුඩු තේ හැඳි 1
  • බැදගත් තුනපහ කුඩු තේ හැඳි 1
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • එනසාල් කරල් කීපයක්
  • කරාබු නැටි කිහිපයක්
  • කබලේ බැද ගත් කජු මද
  • කබලේ බැදගත් රතු හාල් මේස හැන්දක්
  • ගොරකා
  • මිටිකිරි අඬු කෝප්ප1
  • දියකිරි අඬු කෝප්ප  2
  • ලුණු
සාදන අන්දම:
කබලේ බැද ගත් රතු හාල්, කජු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු බ්ලෙන්ඩ් කර ගුලියක් සේ සකසා ගන්න. රතු ළූණු හා අමු මිරිස් සිහින්ව ලියා ගන්න.  එනසාල් හා කරාබු චොප් කර ගන්න. ඇපල් වල ඇට ඉවත් කර පොත්ත සහිතව තරමක කැබලිවලට කපා ගන්න.
මැටි හට්ටියක් ගෙන එයට  ඇපල්, සැකසූ  පහේ ගුලිය, රතු ළූණු, කරාබු නැටි, එනසාල්, ලුණු, ගොරකා සහ දියකිරි එක්කර  ලිප තබන්න. මඳ වෙලාවකින් මිටි කිරි එක්කරන්න. උකු කරියක් ලෙස සකසා ලිපෙන් බාගන්න.
-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here