බඩ ඉරිඟු හේනකින් බඳින තුවක්කු 20ක් හා මදු 120 ක් සොයාගනියි

0
3

අනුරාධපුර, උට්ටිමඩුව, පල්ලංකුලම කහපත්විල ප්‍රදේශයේ 

බඩ ඉරිඟු වගාවක් ආශ්‍රිතව අටවා තිබූ බඳින කඳන් හා මදු විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු තිරප්පනේ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් අනුව සිදු කළ මේ හදිසි වැටලීමෙන් 

අක්කර 06 ක පමණ හේනක් තුළ තිබී බඳින කඳන් තවක්කු 20 ක් සහ කේබල් මදු 120 ක් සොයාගෙන තිබේ.

 මෙවැනි හේනකින හමුවූ වැඩිම නීති විරෝධී ගිණි අවි තොගය මෙය බවද වාර්තා වේ.

අලි ඇතුන් ඇතුළු වනසතුන් විශාල ප්‍රමාණයක් මෙවැනි බඳින කඳන්වලට පසුගිය කාලයේදී ගොදුරුවී තිබිණි.

මෙම සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම තිරප්පනේ බීට්ටු කාර්යාලයේ ස්ථානභාර නිලධාරී පී.ඒ.බී.එස්.අතුකෝරළ, වනජීවී නියාමක ඩබ්.ඩී.එස්.ළහිරු, එච්.ඒ.එම්.ප්‍රසන්න, ඩබ්.ජී.ගුණතිලක (රියදුරු)  හා හසිත සන්දේශ, ප්‍රභාත් කුමාර යන වනජීවී නිලධාරීන් විසින් සිදුකර තිබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here