බටහිර ආසියානු කලාපයේ සටන් විරාමය ගැන ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය

0
4

බටහිර ආසියානු කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර ඇති බව සඳහන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය මෙම අදහස් පළ කර ඇත.

මෙම ක්‍රියාමාර්ග තුළින් කලාපීය නොසන්සුන්තාවය සමනය කිරීමට ගත් තීරණාත්මක පියවරක් ලෙසද ශ්‍රී ලංකා රජය මෙය හඳුන්වාදී ඇත.

අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකා රජය අවධාරණය කර ඇත්තේ “කලාපයේ උත්සන්න වන ආතතීන් සමනය කිරීම සහ මිනිසුන්ගේ දුක් සමනය කිරීම සඳහා වූ සැලකිය යුතු පියවරක් ලෙස මෙය හඳුනා ගන්නා අතර කලාපයේ සියලුම ජනතාවට දිගු කාලීන ස්ථාවරත්වයක් සහ ආරක්ෂාවක් සහතික කරන සාම ක්‍රියාවලියක් හරහා ස්ථීර හා කල්පවතින විසඳුමක් කරා එළැඹීමට අපි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින” බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here