බටලන්ද වාර්තාව නීතිපතිට

0
7


පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු  කර තිබෙනවා. 

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදියි. 

වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට ද රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුවයි ඊට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here