Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් බටලන්ද වදකාගාරයක් ‘නොතිබූ’ බවට – එවක 6 පන්තියේ සිටි රුවන්ගෙන් පැහැදිලි...

බටලන්ද වදකාගාරයක් ‘නොතිබූ’ බවට – එවක 6 පන්තියේ සිටි රුවන්ගෙන් පැහැදිලි කිරීමක්

0
16


Explanation from Ruwan, who was in grade 6 at the time, that there was 'no' Batalanda torture chamber

මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන බටලන්ද වදකාගාරය 1987-89 කාලයේ ක්‍රියාත්මකවූ බව පැවසෙන අතර ඒ කාලයේ පාසලේ  6 ,7 හා 8 පන්තිවල ඉගෙනුම ලැබූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වදකාගාරයක් එහි නොතිබූ බවට අලුත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔහු ප්‍රකාශ කර සිටින්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පැවති සැකය බටලන්ද හමුදා කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව වූ බවයි. පසුගිය දා ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

විජයවර්ධන මහතා තවදුරටත් පැහැදිලි කළේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කර ඇති චෝදනාව කේවල බටලන්දේ නිවාස කිහිපයක් හමුදාවට ලබා දීම පමණක් බවයි. එවකට ප්‍රදේශය මුහුණ දී තිබූ තර්ජන හේතුවෙන් බටලන්දට හමුදා කඳවුරක් ගෙන ඒමට තීරණය කළ බව ද, රනිල් වික්‍රමසිංහ මහතාට වෙනත් කිසිදු චෝදනාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහු බියක් නොදක්වන බව ද විජයවර්ධන මහතා අවධාරණය කළේය.

සපුගස්කන්ද පොලීසියේ OIC මහත්මයාව ඝාතනය කළා, NIB එකේ මහත්තයෙක්ව මරලා තිබ්බා. තවත් ඒ වගේ ඝාතන රැසක් වාර්තා වුණ වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දෙන්න සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වෙයි යන ප්‍රශ්නෙ උඩ තමයි එතුමා හමුදා කඳවුරක් බටලන්දට ගෙනාවේ

යැයි ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා වැඩිදුරටත් පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කර ඇති චෝදනාව නිවාස කිහිපයක් හමුදාවට ලබා දීම පමණක් බවයි. එවකට භීෂණ සමයේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඝාතනය කර තිබූ බවත්, එවැනි තවත් ඝාතන රැසක් වාර්තා වී තිබූ බව පෙන්වා දුන්නේය.

එවැනි වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දීමට සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය නිසා බටලන්දේ හමුදා කඳවුරක් ස්ථාපිත කරනු ලැබුවේ. එතනට හමුදාවෙන් ගෙනාවේ තර්ජනයට මුහුණ දීමට පමණයි. ඒ හැර කොමිසමෙන් එතුමාට කිසිම චෝදනාවක් නැහැ

යනුවෙන් 1975 උපන් රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.
රුවන් විජේවර්ධන යනු රනිල් වික්‍රමසිංහගේ මවගේ වැඩිමල් සොයුරාගේ පුතාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here