බක් පුර පසොළොස්වක පොහොය දිනය අදයි

0
2

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන්ව තිබේ.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව සඳහන්ය.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here