බංග්ලාදේශ නව අගමැති දිවුරුම් දීමේ උත්සවයට ඇමති නලින්ද

0
2

බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගි වෙයි.

ඉකුත් දා පැවැති බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබූ තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා අද දින (17) පස්වරුවේ බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

තවද, මැතිවරණයෙන් තේරී පත් වූ බංග්ලාදේශ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ එරට ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ සිය ධූරයන්හි දිවුරුම් දීමට නියමිතව තිබේ.

තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය සඳහා රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.

මෙම උත්සවය සඳහා සෙසු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ලෙස මාලදිවයිනේ ජනාධිපති Dr.Mohamed Muizzu, භූතානයේ අග්‍රාමාත්‍ය Tshering Tobgay, ඉන්දීය ලෝක් සභාවේ (Indian Lok Sabha) කථානායක Om Birla, මාලදිවයිනේ විදේශ අමාත්‍ය Dr. Abdulla Khaleel, නේපාලයේ විදේශ අමාත්‍ය Bala Nanda Sharma, පාකිස්ථානයේ ක්‍රමසම්පාදන, සංවර්ධන හා විශේෂ සැලසුම් අමාත්‍ය Ahsan Iqbal, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් (ඉන්දු-පැසිෆික්) (Parliamentary Under Secretary of State (Indo-Pacific) of the United Kingdom), Seema Malhotra යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතය.

නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, බංග්ලාදේශ අග්‍රමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here