බංග්ලාදේශයේ නව රජයේ දිවුරුම් දීමේ උත්සවයට මෙරටින් අමාත්‍ය නලින්දත්..

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ LNW :

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත නව රජයේ දිවුරුම් දීමේ උත්සවය හෙට (17) දින සිදුකෙරෙන බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වන බව තහවුරු කර ඇත.

මෑතකදී නිමාවූ මහා මැතිවරණයෙන් තාරික් රහ්මාන් මහතා ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළ අතර, ඔහු එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිතය.

මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාව ඇතුළු කලාපීය රටවල නියෝජිතයන් පිරිසක් ද ඩකා නුවරට පැමිණීමට නියමිතව තිබේ.

ජනතා විරෝධතාවලින් අනතුරුව පැවති මෙම මැතිවරණය බංග්ලාදේශයේ දේශපාලන ස්ථාවරත්වය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා තැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකා නියෝජිතයාගේ සහභාගීත්වය මගින් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.

The post බංග්ලාදේශයේ නව රජයේ දිවුරුම් දීමේ උත්සවයට මෙරටින් අමාත්‍ය නලින්දත්.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here