බංග්ලාදේශ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකුට අට මසකට පසුව එරට රජය නිදහස ලබා දී තිබේ.
අදාළ ධීවරයින් හෙට (02) අලුයම දිවයිනට ළඟාවීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.
2025 වසරේ ජූලි මස 16 වනදා ‘සුදු දුව 4‘ නම් බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් තිබූ අදාළ ධීවරයින් බංග්ලාදේශ සමුද්‍රීය දේශ සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
බංග්ලාදේශයේ චැතගොම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තිබූ අදාළ ධීවරයින්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබූ බව සඳහන්ය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත අදාළ ධීවරයින් 6දෙනා නිදහස් කර ගැනීමට හැකිවු බව ධීවර අමාත්‍යාංශය පවසයි.
Saru News













