බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්

0
3

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන තන්ෂිඩ් හසන් ගේ සහ ෆර්විෂ් හුසේන් ගේ විශිෂ්ට පිතිකරණයත්, තම්ෂින් හසන් සහ රිෂාඩ් හුසේන්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

පෙරේදා (02දා) සාජා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 151ක් ලබාගැනීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 153ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී රහමනුල්හ් ගුරුබාස් ලකුණු 40ක්, මොහොමඩ් නබී ලකුණු 38ක් සහ අස්මතුල්හ් ඔමරසායි ලකුණු 18ක් ලැබීය. පන්දු යැවීමේදී රිෂාඩ් හුසේන් ලකුණු 33කට කඩුලු 2ක්, තම්ෂින් හසන් ලකුණු 34කට කඩුලු 2ක්, තෂ්කින් අහමඩ්, නසුම් අහමඩ් සහ මුෂ්ටෆිකර් රහුමාන් අතරේ 1 කඩුල්ල බැගින් බෙදීගියේය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෆර්විෂ් හුසේන් ලකුණු 54ක්, තන්ෂිඩ් හසන් ලකුණු 51ක් සහ නුරුල් හුසේන් ලකුණු 23ක් ලැබීය.

පන්දු යැවීමේදී රශීඩ් ඛාන් ලකුණු 18කට කඩුලු 4ක් බිඳහෙළීය. තරගයේ වීරයා ලෙස ෆර්විෂ් හුසේන් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here